කුමක් හෝ රැකියාවක කුමක් හෝ ව්‍යාපෘතියක කුමක් හෝ නොදන්නා මෙහෙයුමක වැඩ මැද - ‘සෙටු‘ත් වෙනවා ඉඳහිට... ඒක ද ජීවිතේ තේරුම...? හැන්දෑවෙ...
කුමක් හෝ රැකියාවක
කුමක් හෝ ව්‍යාපෘතියක
කුමක් හෝ නොදන්නා මෙහෙයුමක
වැඩ මැද - ‘සෙටු‘ත් වෙනවා ඉඳහිට...
ඒක ද ජීවිතේ තේරුම...?
හැන්දෑවෙ කුදු ගැහී බසයක
ගිහින් ගොළුබෙලි කටුවක
මුවාවෙනවා ඔබ මම... අප හැම...
කළුවරේ - නිවන හොයනවා ඇඳ මත ...
ඒක ද ජීවිතේ තේරුම...?
COMMENTS