මෙම චෝදනාව සම්බන්ධයෙන් මීට පෙර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාව පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය මඟින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇප...
මෙම චෝදනාව සම්බන්ධයෙන් මීට පෙර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාව පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය මඟින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදා හැර තිබිණි.
අද දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය අධිකරණයට දැනුම් දී ඇත්තේ විත්තිකරු විසින් අදාල වාහනය සහ ලිපි ලේඛන භාර දි ඇති නිසා ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට නීතිපතිවරයා දැනුම් දී ඇති බවයි.
ඒ අනුව විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මුදා හැරීමට නියෝග කළ අධිකරණය බැඳුම්කරයක් මත මුදා හැර තිබූ අදාල වාහනය ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දෙන ලෙස ද නියෝග කර තිබේ.
විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඉදිරි පළාත් පාලන මැතිවරණ සඳහා ඒකාබද්ධ විපක්ෂය හා සන්ධානගත වන බවට සහ එසේ සන්ධානගත වීම සඳහා බැසිල් රාජපක්ෂ හමු වූ දිනයේම යළි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දුරකථනයෙන් ඇමතූ බවට ද පුවත් පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි.
- රංජිත් නිශාන්ත
COMMENTS