දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නීති විරෝධීව ඊශ්‍රාලයේ රැදී සිටින ශ්‍රමිකයින්ට මාසයක පොදු සමා කාලයක්
Homeප්‍රවෘත්ති

නීති විරෝධීව ඊශ්‍රාලයේ රැදී සිටින ශ්‍රමිකයින්ට මාසයක පොදු සමා කාලයක්

PropellerAds

මේ වන විට නීති විරෝධී ලෙස ඊශ්‍රාලයේ රැදී සිටින ශ්‍රමිකයින්ට ලංකාවට පැමිණීම සදහා සැප්තැම්බර් පළමුවැනිදා දක්වා පොදු සමා කාලයක් ලබාදී ඇති බවත...

රට බංකොලොක් වීමට හේතුව GMOA යෝජනාවක් නිසා යයි ප‍්‍රබල චෝදනාවක්..
ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය අද සිට යථා තත්ත්වයට
නිරෝධායන නීති දිගටම : කොරෝනා තුරන් කිරීමට බොහෝ කාලයක් ගතවේවි - සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්
නීති විරෝධීව ඊශ්‍රාලයේ රැදී සිටින ශ්‍රමිකයින්ට මාසයක පොදු සමා කාලයක්

මේ වන විට නීති විරෝධී ලෙස ඊශ්‍රාලයේ රැදී සිටින ශ්‍රමිකයින්ට ලංකාවට පැමිණීම සදහා සැප්තැම්බර් පළමුවැනිදා දක්වා පොදු සමා කාලයක් ලබාදී ඇති බවත් එම කාලය ඇතුළතදී ලංකාවට නොපැමිණෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගන්නා බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

මේ වන විට ඊශ්‍රාලයේ නීති විරෝධී ලෙස රැදී සිටින ශ්‍රමිකයින්ගේ දෙමාපියන් සහ භාරකරුවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගෙන්වා දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.

කෘෂි ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථාවන් අපිට ඊශ්‍රායලයෙන් ලැබුණා. ඒත් ඒක දැන් නතර වෙලා. ඒකට හේතුව තමයි රැකියා පන්සියයකට ගියපු අයගෙන් එකසිය පනහක් විතර ලංකාටව එන්නේ නැතිව එරට නතර වෙලා ඉන්න එක. අපි දැන් සාකච්ඡා කරලා ඊශ්‍රායල් ගිහින් නියමිත දිනයට නැවත ආපු අයව ඒ රටට ගන්න ඊශ්‍රායල් රජය එකග වෙලා තියෙනවා. අප අමාත්‍යාංශයේ කැබිනට් ඇමැති හරීන් ප්‍රනාන්දු මැතිතුමා මේ සම්බන්ධයෙන් අදාල බලධාරීන් සමග මේ වන විටත් සාකච්ඡා කර තිබෙනවා.

මේ අය එහේ ගිහින් නීතිඥවරු මාර්ගයෙන් දේශපාලන රැකවරණය ඉල්ලලා. අපිට අරහෙදි ගැහුවා, බැන්නා බොරු ලේඛන ඉදිරිපත් කරලා ඒ රටේ නීතිමය කටයුතුවලට යනවා. එහෙම වුණාම රටක් විදිහට මේ රටේ ඉන්න බෑ මේ රට අනාරක්ෂිත රටක් මේ රටේ මිනිස්සුන්ට ගහනවා තලනවා පෙළනවා කියලා ලේඛන ඉදිරිපත් කරනවා. එහෙම වුනාම මානව හිමිකම් පැත්තෙන් ලංකාවට ඉතාම නරක නාමයක් ලැබෙන්නේ. අපේ රටේ මෙහෙම දේවල් වෙන්නේ නෑ. බොරු කියන්නේ. මේක තමයි යුද්දේ කාලේ යාපනේ පැත්තේ අය කළේ. මේ රටේ ඉන්න බෑ. ගහනවා. මරනවා කියලා ලේඛන හදාගෙන තානාපති කාර්යාලවලට ඉදිරිපත් කළා. එහෙම කළාම ඒ අයට කැනඩාවේ, ඇමරිකාවේ, එංගලන්තේ පුරවැසිභාවය දුන්නා. හැබැයි ලේඛන එකතු කර ගත්තා මෙන්න ලංකාවේ මිනිස්සුන්ට සිද්ධ වෙන මානව හිමිකම් කරදර කියලා. එහෙම වුණාම මේ රටට තියෙන කීර්ති නාමය සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවා.

ඊශ්‍රාලයේ රැකියා සදහා පිටත්ව යන්න කලින් ඒ අයට අපි පැහැදිළිව කිව්වේ ගිහින් පනින්න එපා නැවත ලංකාවට එන්න කියලයි. ලංකාවට ආවොත් නැවත එම රටටම යාමට අවස්ථාව දෙන බවට අපි සහතිකයක් දුන්නා. ඒ ආකාරයට නියමිත මාස හය රැකියා කරලා නීත්‍යානුකූලව ලංකාවට ආපු අයට නැවත එම රටේ රැකියා සදහා පිටත්ව යාමට අවස්ථාව තිබෙනවා.

මේ අය සරණාගතභාවය ඉල්ලාගෙන කොතරම් කාලයක් ඒ රටේ ඉන්නද කල්පනාව? නැවත ලංකාවට එන්නේ නැතිව ඉන්නද හදන්නේ? මේ විදිටය නීති විරෝධි ආකාරයට ඊශ්‍රාලයේ ඉන්න අයට නැවත ලංකාවට එන්න අපි මාසයක කාලයක් ලබාදෙනවා. මේ කාලය ඇතුළත නැවත ලංකාවට එන්න පුලුවන්. ලංකාවට ආවොත් මේ අයට නැවත යන්න පුළුවන් විදිහට අපි හදලා දෙන්නම්. සැප්තැම්බර් පළමුවෙනිදට කලින් ආවොත් අපි නඩු පැවරීම් කරන්නේ නෑ. මාසයක් ඇතුළත ලංකාවට ආවා කියන කාරණය තුළ නඩු පැවරීමේ කටයුතු ඉවත් කරගැනීමට කටයුතු කරනවා. එහෙම නැතිවුණොත් අපිට නඩු පවරන්න වෙනවා. ඒ වගේම දැනට පවරා ඇති නඩු ගොනු ඉදිරියට රැගෙන යාමට සිදුවෙනවා. ලබාගෙන තියෙන ඇප මුදල (Bond) අපිට අය කරගන්න සිද්ධ වෙනවා. ඒ නිසා සැප්තැම්බර් පළමුවැනිදාට පෙර ලංකාවට ඔවුන් ගෙන්වා ගැනීමට කටයුතු කරන්න.

එහෙම නොවුනොත් අපිට සිද්ද වෙනවා නීතිමය කටයුතු සිදු කරන්න. ඇප මුදල් අයකර ගන්න. ඊට අමතරව මේ අය මේ අය කවදාහරි දවසක ලංකාවට ආවොත් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගන්න විදිහට නීතිය සකස් කරන්න අපි අවශ්‍ය කරන නිතිමය උපදෙස් අරන් තියෙනවා. මෙහිදී කවදා ආවත් අවුරුදු 10 කට පස්සේ ආවත් ඒගොල්ලන් රතු වරෙන්තුකරුවන් විදිහට උසාවියේ නම් කරලා ඒ වාර්තාව අප ලබා දෙනවා ආගමන විගමන දෙපාර්තමේන්තුවට. එතකොට ඒ අය අවුරුදු 10 කට පස්සේ ලංකාවට ආවත් ඒ අයව අත්අඩංගුවට ගැනීමක් සිද්ද වෙනවා. එතකොට නීතිය ඉදිරියට යන්න වෙනවා. අනාගත යහපත වෙනුවෙන් අපට මේ දේ සිද්ද කරන්න වෙනවාමයි. ඒ නිසා මේකෙන් බේරෙන්න විදිහක් නෑ. මාසයක් ඇතුළත එන්න කියන්න.

ඊට අමතරව තව සුමානෙකින් දෙකකින් අපි බලාපොරොත්තු වෙනවා ඊශ්‍රායල් යන්න. එහිදී ඒගොල්ලන්ට කියන්න අපිව මුණගැහිලා අපිට කතාකරන්න කියන්න. එහිදි අපි බලමු නීතිමය තත්ත්වයන් විසඳලා දෙන ආකාරය පිලිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

නීතිමය වශයෙන් කිසිම නීතිමය කටයුක්තක් නොකර අපි ඒ අයව ලංකාවට ගෙනල්ලා නැවත ඒ අයගේ අවශ්‍යතාවය වෙනුවෙන් උදව් කරන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. වැඩිහිටියෝ විදිහට මේ අයට මතක් කරන්න මේ තීන්දුව ගන්න මාසයක් ඇතුළත වහාම එන්න කියලා. එහෙම නැති වුනොත් ඒ අයගේ අනාගතේම අදුරුවෙනවා වෙනවා. රටට සිද්ධ වෙන කීර්ති නාමය වගේම මේ දරුවන්ගේ අනාගතයටත් ලොකූ හානියක් වෙනවා. ඒ නිසා අපි සැප්තැම්බර් මාසෙ 01 වෙනිදා වෙනකල් ඕගොල්ලන්ට කල් ලබා දීලා තියෙනවා. ඒ කාලය ඇතුළතදී නීති විරෝධී ලෙස ඊශ්‍රාලයේ ඉන්න දරුවන් ගෙන්වා ගැනීමට දෙමාපියන් විදියට ඔබ කටයුතු කරන්න.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නීති විරෝධීව ඊශ්‍රාලයේ රැදී සිටින ශ්‍රමිකයින්ට මාසයක පොදු සමා කාලයක්
නීති විරෝධීව ඊශ්‍රාලයේ රැදී සිටින ශ්‍රමිකයින්ට මාසයක පොදු සමා කාලයක්
http://am.lk/media/k2/items/cache/81e0aad742949f983ce0723fe8282eca_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_637.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_637.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy