යාපනයේ පලාලි ගුවන්තොටුපල මේ වසර අවසානය වන විට උතුරේ ජාත්‍යන්තර ගුවන්තොටුපල බවට පත්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලි...
යාපනයේ පලාලි ගුවන්තොටුපල මේ වසර අවසානය වන විට උතුරේ ජාත්‍යන්තර ගුවන්තොටුපල බවට පත්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා අග්‍රාමාත්‍යවරයාට පවසා තිබේ.
අග්‍රාමාත්‍යවරයා පසුගිය දිනවල යාපනයේ සංචාරය කළ අවස්ථාවේදී සුමන්තිරන් මන්ත්‍රීවරයා ඒ බව ප්‍රකාශ කොට ඇත්තේ ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං සාන්ධු මහතා ද ඉදිරිපිටදීය.
ඉන්දීය රජයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් කරණ ලද ඉල්ලීමකට අනුව ඉන්දීය රජය ඒ සදහා කැමැත්ත පලකොට ඇති අතර අදාල යෝජනාවලිය හා ගිවිසුම සම්බන්ධයෙන් අනුමැතියද පලවී තිබේ.
මේ අනුව පලාලි ගුවන් තොටුපල සදහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය පමණක් තබාගෙන සෙසු භූමිය පලාලි ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සදහා යොදා ගැනීමටද නියමිතය.
කෙසේ වෙතත් සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ අදාල ගිවිසුමට අනුව මේ වසර අවසන් වීමට පෙර පලමු ජාත්‍යන්තර ගුවන් යානය ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපල දක්වා පැමිණිය යුතු බවයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS