පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ඊයේ (12) පස්වරුවේ සිය ආසන සංවිධායක ධුරවලින්...
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ඊයේ (12) පස්වරුවේ සිය ආසන සංවිධායක ධුරවලින් ඉවත් කර ඇත.
මතුගම නව ආසන සංවිධායකවරිය ලෙස හිටපු ඇමැතිනි සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර සහ නාවලපිටිය නව ආසන සංවිධායක ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච්.ඒ. රණසිංහ මහතා පත් කර තිබේ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ලෙස පත් කර තිබේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා ආණමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයෙන් ඉවත් කර තිබේ. ඔහු හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුද වෙයි.
පසුව ආණ්ඩුවෙන් ඉවත්ව ඔහු ඒකාබද්ධ විපක්ෂයට එක්විය.
ඒ අනුව නව සංවිධායක ධූරය සඳහා වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර පත් කරනු ලැබ සිටී.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම් සිදුකර තිබේ.
COMMENTS