නවක නළු ජගත් මනුවර්ණ පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් දැක් වූ අදහස් පිළිබඳව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා අදහස් දැක්විය. ඒ ...
නවක නළු ජගත් මනුවර්ණ පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් දැක් වූ අදහස් පිළිබඳව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා අදහස් දැක්විය.
ඒ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“පසුගිය ජනපතිවරණය කාලයේ ජගත් මනුවර්ණ අඬමින් අපෙන් ප්‍රශ්නයක් ඇහුව්වා. ඒ තමයි මගේ අම්මා මාව ඉපදුන වෙලාවේ මැරෙන්න කානුවක දැම්මේ නැත්තේ ඇයි කියලා. එදා මට ලොකු ප්‍රශ්නයක් තිබුණා ඇයි අම්මා ජගත්ව කානුවක දාන්න ඕනි කියලා. බොරු කියලා ජනතාව නොමග යවලා ඒ අය බලයට ගෙනා ආණ්ඩුව විසින් රටට කරන විනාශය දැක්කාම අනේ ඔව් මේ වගේ දරුවන් ඉපදුන වෙලාවේ කානුවක දැම්මා නම් හොඳයිනෙ වගේ හැඟීමක් මටත් ආවා. පසුගිය සතියේ බුදු දහමට අපහාස කරන කළා කෘති රැක ගැනීම වෙනුවෙන් පැවැත් වූ මාධ්‍ය හමුවේදී මනුවර්ණ කරපු කතාව ඇහුව්වාට පස්සේ මේ රටේ හැමෝටම විතරක් නෙවෙයි එයාගෙ අම්මටත් හිතෙන්න ඇති තමන්ගේ පුතා ඉපදුණු අවස්ථාවේම කානුවට දැම්මා නම් හොඳයි කියලා.”
“බුදු දහමට අපහාස කිරීමෙන් නොනැවති මේ අය ඒක අයිතියක් ලෙස පෙන්වීමට උත්සාහ කරනවා. මෙතරම් දැවැන්ත වැරැද්දක් කරලා ඒක රකින්නත් ප්‍රසිද්ධියේ අදහස් දක්වන්න පුළුවන් වෙන්නේ බුදු දහමේ තිබෙන සහනශීලීත්වය නිසා කියන එක මේ අය දැන ගන්න ඕනෑ. මුස්ලිම් රටක තම ආගමට අපහාස කළා නම් මරණ දඬුවමයි ලැබෙන්නේ. බෞද්ධයන්ගේ තාදී ගුණය, උපේක්ඛා ගුණය නිවටකමක් කියලා වරදවා තේරුම් අරගෙන බුදු දහමට තවදුරටත් අපහාස කළොත් බෞද්ධයන් නිහඬව නොසිටීවි කියන පණිවිඩය අපි මේ ඊනියා නිදහස හොයන අයට මතක් කරනවා.”
"අපිට කිසිම උදව්වක් කරන්න එපා" යැයි රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා පවසයි.
වත්මන් ආණ්ඩුව විසින් කලා කෘති වාරණය කිරීම සහ ප්‍රකාශන නිදහස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරන මාධ්‍ය හමුව පසුගියදා (23) කොළඹදී පැවැත්විණි.
අසංක සායක්කාරගේ ‘මං කෙළින් මිනිහෙක්‘ නාට්‍ය, ශ්‍රීනාත් චතුරංගගේ ‘බුදුන්ගේ රස්තියාදුව“ කෘතිය සහ මාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍ය වාරණය කරමින් ආණ්ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාදාමය සම්බන්ධයෙන් කලාකරුවෝ රැසක් එහිදී අදහස් පළ කළහ.
එසේම වත්මන් ආණ්ඩුව බලයට පැමිණෙන විට ‘ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය‘ අහෝසි කරන බවට දුන් පොරොන්දුව ඉටු කරනවා වෙනුවට එම ආයතනය හරහා කලාකෘති වාරණය කිරීම පිළිබද කලාකරුවෝ දැඩි විරෝධයක් පළ කළහ.
‘වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස’ යන තේමාවෙන් කැදවන ලද මේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින් ආණ්ඩුවේ වාරණයට විරෝධය කලාකරුවන්, වාමාංශික ක්‍රියාකාරින් සහ විද්වතුන් දැක්වීය.
රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා එහිදී මෙසේ අදහස් දැක්විය.
“දැන් අපිට ඉල්ලා සිටින්න තියෙන්නේ ආණ්ඩුවලට අපට කිසිම උදව්වක් කරන්න එපා. ඕගොල්ලන්ගෙන් අපිට කිසිම උදව්වක් ඕන නැහැ. අපට කරන්න පුළුවන් එකම උදව්ව තමයි කලාව, සාහිත්‍ය, සංස්කෘතිය දිහා හැරිලවත් බලන්නේ නැතුව ඉන්න.”
COMMENTS