මින්නේරිය ජාතික වන උද්‍යානය සංචාරකින් සඳහා යළි විවෘත කළ බව වාර්තා වේ. ඊයේ (28) උදෑසන මින්නේරිය ජාතික වන උද්‍යානය තාවකාලිකව වසා දමා තිබිණි...
මින්නේරිය ජාතික වන උද්‍යානය සංචාරකින් සඳහා යළි විවෘත කළ බව වාර්තා වේ.
ඊයේ (28) උදෑසන මින්නේරිය ජාතික වන උද්‍යානය තාවකාලිකව වසා දමා තිබිණි.
මින්නේරිය වනජීවි කාර්යාලයේ රදවාගෙන සිටි සැකකරුවෙකුව පෙරේදා (26) රාත්‍රියේ නාදුනන පිරිසක් පැමිණ නිලධාරින්ට පහර දී රැගෙන ගොස් ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් මෙම ජාතික වනඋද්‍යානය තාවකාලිකව වසා දමා ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
සියයකට අධික පිරිසක් මෙලෙස පැමිණ ඇති අතර පහර කෑමට ලක් වු මින්නේරිය වන ජිවි කාර්යාලයේ සිටි නිලධාරින් 6 දෙනෙකු තුවාල ලබා හඹරණ රෝහලට ඇතුළත් කර තිබේ.
බල පත්‍ර නොමැතිව ධීවර කටයුතුවල නිරත සිටියදියි ඊයේ මෙම සැකකරු වනජීවි නිළධාරින් විසින් අත්අඩංගුව ගෙන ඇත.
COMMENTS