2016 අප්‍රේල් 5 වැනිදායින් ආරම්භ වූ, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් ම සමන්විත වන, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය‘ මීට පෙර 5 වතා...
2016 අප්‍රේල් 5 වැනිදායින් ආරම්භ වූ, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් ම සමන්විත වන, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය‘ මීට පෙර 5 වතාවක් රැස් වී තිබෙන අතර, එම සෑම රැස්වීමක් ම, අනු කමිටු පත්කර ගැනීම, යෝජනා ලබාගැනීම, මෙහෙයුම් කමිටුව පත්කර ගැනීම, වැනි තාක්ෂණික කටයුතු පමණකට සීමා වී තිබිණ. ඒ අනුව, සඳුදායින් (ඔක්.30) ඇරඹෙන්නේ, එම මණ්ඩලය ‘විවාදය‘ පිණිස රැස්වන ප්‍රථම සැසිය යි.
ඒ අනුව විවාද දින 3 තුළ, ඉකුත් සැප්තැම්බර් 21 වැනිදා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු ප්‍රධානී, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලදුව, දැනටමත් මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන, ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුවේ වාර්තාව, පුළුල් ලෙස සාකච්ඡාවට ගැනෙනු ඇත.
එමෙන් ම ‘සුවිශේෂී හේතුවක් මත දීර්ඝ නොවන්නේ නම්‘ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කාර්යයට අදාළ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ කාර්යයභාරය‘ නොවැම්බර් 1 වැනිදායින් අවසන් වන අතර, විවාදයේ දී මතු කෙරෙන කරුණු ද අදාළ කරගෙන, අවසන් ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමේ කාර්යය ‘මෙහෙයුම් කමිටුවට‘ ම පැවරෙනු ඇත.
ඒ අනුව, නැවත වතාවක්, සංශෝධන වලට ද විවෘතව, මෙහෙයුම් කමිටුව විසින් අවසන් ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමේ කාර්යය අරඹනු ඇති අතර, අවසන් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට යොමු කිරීමේන් පසුව, ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ‘2/3 න් සම්මත කිරීම ද ඇතුළත් පාර්ලිමේන්තු අදියර‘ ඇරඹෙනු ඇත.
‘ජනමත විචාරණය‘ මේ සියලු අදියර අවසානයේ, ව්‍යවස්ථා ක්‍රියාවලියේ ‘තීරණාත්මක අවසානය‘ සනිටුහන් කරනු ඇත.
- සුරේඛා සමරසේන
COMMENTS