එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ම ඇමතිධූරයක් දරන්නෙකු ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා සූදානමින් එක්වීමට සාකච්චා කර ...
විශ්වාස කටයුතු ආරංචි මාර්ග අප වෙත කියා සිටියේ එම ප‍්‍රබලයා ඊයේ දිනයේදීම විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එක්තරා ස්ථානයකදී හමුවී සාකච්චා ඇති බවයි.
කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වන්නේද නැතහොත් ස්වාධීනව සිට සහය දෙන්නේදැයි දැනට ප‍්‍රකාශ කල නොහැකි බව එකී ප‍්‍රකාශකයා සදහන් කලේය.
එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් කිහිප දෙනෙක්, පලාත් සභා හා පලාත් පාලන නියෝජිතයන්ද තමත් සමග සිටින බව අදාල හමුවේදී ඔහු පවසා ඇති බවද සදහන් වෙයි.
කෙසේ වෙතත් මෙම ප්‍රබලයා සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම පක්ෂයෙන් විවිධ චෝදනා එල්ල කර අතර අවස්ථා ගණනාවකදීම පොලිසියට පැමිණිලි ද කර ඇත.
මෙම ඇමතිවරයා එජාල ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට විරුද්දව ප‍්‍රසිද්ධියෙ අදහස් පල කල අයෙකි.
COMMENTS