දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දේශපාලන සිරකරුවන් තිදෙනෙක් නැවතත් උපවාසයේ !
Homeප්‍රවෘත්ති

දේශපාලන සිරකරුවන් තිදෙනෙක් නැවතත් උපවාසයේ !

PropellerAds

  මදිඅරසන් සුලක්ෂන් සහ දර්ශන් ගනේශන් යන දෙදෙනාම යුද්ධය අවසානයේ ආරක්ෂක අංශ මඟින් අත් අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කළ පුද්ගලයින්ය. කෙසේ වෙතත් ...

තිස්ස - කරුණා අම්මාන් බලන්න විමල් - ගම්මන්පිල යයි
'පොහොට්ටුව ගැන අහන්න ඕන පොහොට්ටුව අතගාපු කෙනෙක්ගෙන්' - තලතා (VIDEO)
කවුරුත් නොකළ වැඩක් මෛත්‍රී ජනපති මන්දිරයේදී කරලා (VIDEO)
දේශපාලන සිරකරුවන් තිදෙනෙක් නැවතත් උපවාසයේ !

 

මදිඅරසන් සුලක්ෂන් සහ දර්ශන් ගනේශන් යන දෙදෙනාම යුද්ධය අවසානයේ ආරක්ෂක අංශ මඟින් අත් අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කළ පුද්ගලයින්ය. කෙසේ වෙතත් ඔවුන්ව නැවත ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් අත් අඩංගුවට ගෙන 2013 වසරේදී නඩු පවරා තිබේ. නඩුව විභාගයට ගෙන මාස තුනක් යන විට රජයේ නීතීඥයාගේ ඉල්ලීම පරිදි චෝදනා පත්‍රය සංශෝධනය කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා ඇතත් එය වසර දෙක හමාරක් තිස්සේ නොලැබුණු හෙයින් ඔවුන් විසින් උපවාස ක්‍රියාමාර්ගයක් ගන්නා ලදී. ඉතා ඉක්මනින් සංශෝධිත චෝදනා පත්‍රය ලබා දෙන බවට නීතිපති දෙපාර්තමේන්තුව පොරොන්දු වූව ද එය පැමිණියේ වසර හතරක් කල් ගත වීමෙන් අනතුරුවය. එයින් ආර්. තිරුවරුල් ද විත්තිකරුවකු ලෙස නඩුවට එකතු කර තිබිණි. 

සංශෝධිත චෝදනා පත්‍රය අධිකරණයට ලැබීමෙන් අනතුරුව නඩුව විභාග කිරීමට දින නියම කිරීමේදී යළිත් නීතිපති දෙපාර්තමේන්තුව පවසා තිබුණේ නඩුව වව්නියාව මහාධිකරණයෙන් අනුරාධපුර මහාධිකරණය වෙත මාරු කිරීමට කටයුතු කරන බවකි. ඊට විරෝධය පා ඉහත රැඳවියන් තිදෙනාම නැවත උපවාසයක නිරත වූ අතර නඩුව විභාග කිරීම සඳහා සැප්තැම්බර් 25,26,27 දින ලබා දීම හේතුවෙන් එම උපවාසය අත් හිටුවනු ලැබිණි. එහෙත් සැප්තැම්බර් 25 දින අධිකරණය වෙත ගිය ඔවුන්ට දැන ගැනීමට ලැබී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් එම නඩුව අනුරාධපුර මහාධිකරණය වෙත මාරුකර යවා ඇති බවය. 

HC-V 2491/2013 අංක දරණ මෙම නඩුව ආරම්භයේ පටන් විභාග කිරීමට නොදී කල් මැරීම නීතිපති දෙපාර්තමේන්තුවේ පිළිවෙත වී ඇති අතර දැන් අධිකරණය මාරු කිරීමෙන් ද සිදුවන්නේ තවත් අමතර කාලයක් ගත වීමය. එසේම අනුරාධපුර මහාධිකරණයෙන් නීතීඥවරුන් සොයා ගැනීමේදී ද විත්තිකරුවන්ට යළි අපහසුතාවකට මුහුණ පෑමට සිදු වේ. මෙම අසාධාරණයට විරෝධය පළ කරමින් ඉහත කී සිරකරුවන් උපවාසයේ නිරත වී සිටින අතර අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සියළුම දේශපාලන සිරකරුවන් ඔවුන්ට සහය පළ කරමින් ඊයේ දිනයේ උපවාස කළ අතර හෙට දිනයේ වැලිකඩ බන්ධනාගාරයේ දේශපාලන සිරකරුවන් ද උපවාසයට එක් වීමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙසේ උපවාසයට එක් ව සිටින සිරකරුවන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් අද (03) උදෑසන 10.00ට යාපනය දෙමළ ජාතික සන්ධානයේ කාර්යාලය ඉදිරිපිටට රැස්වී විරෝධතාවක් දැක්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරන අතර විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ගෙන් මෙම ගැටළුවට මැදිහත් වී විසඳුමක් ලබාදෙන මෙන් ඉල්ලා සිටීමට එහිදී නියමිතය. 

- රුවන් නෙළුගොල්ල

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දේශපාලන සිරකරුවන් තිදෙනෙක් නැවතත් උපවාසයේ !
දේශපාලන සිරකරුවන් තිදෙනෙක් නැවතත් උපවාසයේ !
http://ift.tt/2xcWaND
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_74.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_74.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy