දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කවුරුත් නොකළ වැඩක් මෛත්‍රී ජනපති මන්දිරයේදී කරලා (VIDEO)
Homeප්‍රවෘත්ති

කවුරුත් නොකළ වැඩක් මෛත්‍රී ජනපති මන්දිරයේදී කරලා (VIDEO)

PropellerAds

සම්ප‍්‍රදායිකව ජනාධිපති මන්දිරය මීට පෙර පුද්ගලයෙක්, දේශපාලන නායකයෙක් පිළිබඳව ගුණසැමරුමක් පැවැත් වූ ස්ථානයක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සි...

නව අගමැතිට බහුතරය ඇති බව ගෝඨා කියයි
තවත් TNA මන්ත්‍රීවරුන් හතරකගේ සහය නව අගමැතිට
රවී ප්‍රමුඛ එජාප නියෝජිත පිරිසක් වසන්ත සේනානායක මහතාගේ නිවසට (VIDEO)
කවුරුත් නොකළ වැඩක් මෛත්‍රී ජනපති මන්දිරයේදී කරලා (VIDEO)

සම්ප‍්‍රදායිකව ජනාධිපති මන්දිරය මීට පෙර පුද්ගලයෙක්, දේශපාලන නායකයෙක් පිළිබඳව ගුණසැමරුමක් පැවැත් වූ ස්ථානයක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එහෙත් කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝට කරන ලොකුම ගෞරවයක් ලෙස රටේ තිබෙන ජනාධිපති මන්දිරය තුළ මේ ගුණ සමරු උත්සවය පැවැත්වීම ඉතාමත්ම සුදුසු බවට තමා තීරණය කළ බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව පැවසූයේ අද(02) කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ වෙත සමාචාරය පුද කිරීමේ උළෙල අමතමිනි.

එහිදී ජනාධිපතිවරයා කළ කතාව පහතින්,

ඔබ අප කාගේත් වගේම, සමස්ත මානව ප‍්‍රජාවගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ කියුබාවේ ජාතික නායකයා වගේම ජාත්‍යන්තර නායකයෙක් වූ මානව හිතවාදියෙක් වූ ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා සමුගෙන මුලු ලෝකයම එතුමාගේ ගුණ සමරද්දී එතුමාගේ ගුණ සැමරීමට මේ අවස්ථාවේ ඔබ අප සියලූ දෙනාම එක්වීම ගැන මම මුලින්ම මගේ සතුට ප‍්‍රකාශ කරනවා. 

ඒවගේම අද මේ ශ්‍රේෂ්ඨ පුරුෂයාගේ ගුණසැමරුම් උත්සවයට සහභාගි වීම පිළිබඳව ගෞරවණිය මහා සංඝරත්නය ප‍්‍රමුඛව ඔබ සියලූදෙනාට මගේ ගෞරවණීය ස්තූතිය පුද කරනවා. 

සම්ප‍්‍රදායිකව මේ ජනාධිපති මන්දිරය මීට පෙර මෙවැනි පුද්ගලයෙක්, දේශපාලන නායකයෙක් පිළිබඳව ගුණසැමරුමක් පැවැත් වූ ස්ථානයක් නෙවෙයි. එහෙත් එතුමාට කරන ලොකුම ගෞරවයක් විදියට රටේ තිබෙන ජනාධිපති මන්දිරය තුළ මේ ගුණ සමරු උත්සවය පැවැත්වීම ඉතාමත්ම සුදුසු බවට මා තීරණය කළා. 

අපේ පාසැල් කාලයේ වයස අවුරුදු 15, 16 දි මමත් පාසැල් ශිෂ්‍යයෙක් විදියට කොමියුනිස්ට් පක්ෂයේ වැඩ කරන කාලේ, අපිට වීරයින් කිහිප දෙනෙක් හිටියා. ඒ වීරයින්ගෙන් එක් කෙනෙක් තමයි ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා. ඒ නිසා විශේෂයෙන්ම කොමියුනිස්ට්වාදය පිළිබඳව ලබා තිබූ ඉතා සුලු අවබෝධය තුළ සුලු දැනුම තුළ මගේ දේශපාලනය එදා ශිෂ්‍යයෙක් විදියට ආරම්භ වෙලා පසුව තමයි මම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වුණේ. කියුබාවේ විප්ලවය, කියුබාව වෙනස් වූ හැටි ඒ රාජ්‍ය පාලනය පිළිබඳව ලෝකයේ සෑම දේශපාලනඥයින්ටම සෑම රාජ්‍ය පාලකයින්ටම උගත යුතු දේ බොහෝ තිබෙනවා. මානව සමාජයේ ප‍්‍රගමනය වෙනුවෙන් සාධාරණ සමාජයක් ගොඩනැගීමේ කාර්යයේදී සමානාත්මතාවය පදනම් කර ගත් සමාජයක ජීවත් වීම පිළිබඳව මානව ප‍්‍රජාවගේ ආරම්භක ගැටුමේ සිට අද දක්වා ඒ ගැටුම නොනැවතී ඉදිරියට යන්නේ මිනිසාට අවශ්‍ය සාධාරණ සමාජයක අවශ්‍යතාවය නිසයි.

අද ලෝකය තුළ ෆිදෙල් කස්ත්‍රෝලා නැහැ. එහෙත් අදත් ලෝකය තුළ බැටිස්ටාලා ඉන්නවා. අද ලෝකය තුළ ලෙනිල්ලා කාල් මාර්ක්ස්ලා නැතත් සාර්ලා ඉන්නවා. ඒ නිසා මිනිසා විසින් සිය අයිතිය, වරප‍්‍රසාද සඳහා කරන්නා වූ අරගලයේ ඓතිහාසික කාර්යයභාරය මිනිසා විසින්ම ඉටු කළ යුතු වෙනවා. 

ප‍්‍රධාන වශයෙන්ම අපේ රටටත් ලෝකයටත් මෙවැනි චරිතයක වැදගත්කම තිබෙන්නේ දේශපාලන නායකයෙක් විදියට රාජ්‍ය නායකයෙක් විදියට එතුමා කියුබාව තුළ කළ වෙනස්කම් වගේම මුලුමහත් ලෝක ප‍්‍රජාවටම එයින් දුන් ඉමහත් ආදර්ශය පිළිබඳවයි.

1978 දි කියුබාවේ පැවති ලෝක තරුණ සම්මේලනයට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ගිය තරුණයින් 122 ක් අතරින් එක් අයෙක් විදියට ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා හමු වූ අවස්ථාව මගේ මතකයේ තිබෙනවා. විශේෂයෙන්ම සති 03 ක කාලයක් අපි තරුණයින් විදියට ගත කළ නිසා හවානා නගරයේ මහා විදියක පෙළපාලි යමින් සටන් පාඨ කියමින් ගමන් කළ නිසා එදා කියුබානු සමාජය අපි යම් ප‍්‍රමාණයකට හඳුනා ගත්තා. ඒවගේම එහිදී එක්තරා රාත‍්‍රියකදී අපට එතුමා සමග රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකට එක්වීමේ භාග්‍ය ලැබුණා. මෙවැනි ශ්‍රේෂ්ඨ විශිෂ්ට චරිත තුළින් උගත යුතු බොහෝ පාඩම් සහ මගපෙන්වීම් තුළ අපේ අවශ්‍ය දේශපාලන ප‍්‍රතිසංස්කරණවලට අදාළව තීන්දු තීරණ ගැනීමේදි අපට වඩාත් වැදගත් වෙනවා. 

ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා වැනි ඉතාමත් ශ්‍රේෂ්ඨ, විශිෂ්ට නායකයෙක් පිළිබඳව ගුණසැමරීමට ලැබීම ගැන මා මේ අවස්ථාවේ ඉතාමත් සතුටට පත් වෙනවා. එතුමාගේ දීර්ඝ කාලීන දේශපාලන ඉතිහාසය, දේශපාලන ජීවිතය කියුබන් විප්ලවයේ සිට මේ දක්වාම ලෝකයට විශිෂ්ට වූ පාඩමක් කියා දී තිබෙනවා. 

මගේ දේශපාලන නායකයා විදියට මා ගරු කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායක මැතිතුමා එදා මේ රට පාලනය කරද්දි විශේෂයෙන්ම කියුබානු විප්ලවයෙන් පැය 48ක් තුළ කස්ත්‍රෝගේ නායකත්වයෙන් යුත් කියුබාව පිළිගැනීමට ආසියාවේ පළමු රට හැටියට ශ‍්‍රී ලංකාව ගත් තීන්දුවට ගරු කිරීමක් විදියට තමයි මම අද විශේෂයෙන්ම මෙම උත්සවය පැවැත්වීම පිළිබඳවත් ගුණසමරුව පැවැත්වීම පිළිබඳවත් මේ තීන්දුව ගනු ලැබුවේ. 

ඒ නිසා මේ අවස්ථාවට පැමිණි ඔබ සියලූදෙනාටම මගේ ගෞරවණීය ස්තූතිය පුද කරමින් අද දවසේ වගේම හෙට දවස සඳහා ජාත්‍යන්තර දේශපාලනය තුළ ඉමහත් ගෞරවාදරයට පත් වූ මේ විශිෂ්ට නායකයා සමාජයට කියාදුන් පාඩම්, අධ්‍යයනයන් සහ මගපෙන්වීම් සමස්ත ලෝකයේ දේශපාලනඥයින්ට ඉතා වැදගත් වැඩදායී ඵලදායී වූ මගපෙන්වීමක් වේවායි කියා ප‍්‍රාර්ථනා කරමින් ඔබ සියලූදෙනාට ස්තූතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කවුරුත් නොකළ වැඩක් මෛත්‍රී ජනපති මන්දිරයේදී කරලා (VIDEO)
කවුරුත් නොකළ වැඩක් මෛත්‍රී ජනපති මන්දිරයේදී කරලා (VIDEO)
http://ift.tt/2gHeBOl
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/video_36.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/video_36.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy