තම පක්ෂයට රනිල් වික්‍රමසිංහ සමඟ කිසිදු ඩීල් එකක් නොමැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ජවිපෙට ණය බවත් ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර...
තම පක්ෂයට රනිල් වික්‍රමසිංහ සමඟ කිසිදු ඩීල් එකක් නොමැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ජවිපෙට ණය බවත් ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.
රාජපක්ෂ කණ්ඩායම ජවිපෙ සහ එක්සත් ජාතික පක්ෂය සමඟ ඩීල් පවතින බවට චෝදනා කරමින් අගමැති වික්‍රමසිංහගේ ඇප මත නිදහසේ සිටින බවට දිසානායක මහතා චෝදනා කරයි.
ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට වගකිවයුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ බව මහින්ද රාජපක්ෂ මහතා රට ඉදිරියේ හැකි නම් පවසන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක හිටපු ජනාධිපතිවරයාට අභියෝග කරයි.
මහ බැංකු බැඳුම්කර වංචාවේ 'පට්ට හොරා' අගමැති රනිල් වික්‍රමසිංහ බව මන්ත්‍රිවරයා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රි දිසානායක මහතා පවසන්නේ එකී වංචාව පිළිබඳව පළමු වරට පාර්ලිමේන්තුවේ කතා කළේ තමන් බවත් ඉන් පසු ඇති වූ තත්ත්වයන් සමඟ අගමැතිවරයාගේ එක්සත් ජාතික පක්ෂ 'බැටෑලියන්' එක හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර ප්‍රමුඛ වංචාව ආරක්ෂා කිරීමට කටයුතු කළ බවත්ය.
කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ ඇතුළු වංචා දූෂණවලට සම්බන්ධ කණ්ඩායම අගමැතිවරයාගේ ඇප මත නිදැල්ලේ සිටින බැවින් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව රාජපක්ෂ මහතාට කතා කළ නොහැකි බවත් හොරකුට එරෙහිව හොරෙක් කිසි දිනක දඬුවම් නොදෙන බවත් ඒ මහතා පැවැසුවේ මහනුවර පැවැති සමුළුවකට සහභාගි වෙමිනි.
COMMENTS