ගැබ්ගෙන ඇති බවට සැකකොට පාසැලෙන් අස්කරන ලද 15 හැවිරිදි දැරියක් දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කරන ලද වෛද්‍ය පරීක්ෂණයකදී එම දැරි...
ගැබ්ගෙන ඇති බවට සැකකොට පාසැලෙන් අස්කරන ලද 15 හැවිරිදි දැරියක් දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කරන ලද වෛද්‍ය පරීක්ෂණයකදී එම දැරිය ගැබ් ගෙන් නොමැති බවට තහවුරු වී ඇති බව රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී ගාමිණී සේනානායක මහතා කියා සිටියි.
ඔක්තොම්බර් 02වනදා කැකිරාව, මඩාටුගම ප්‍රදේශයේ පාසැලකදී ලෝක ළමා දිනය සමරමින් සිටියදී මෙම දැරියට පාසැලේදීම වමනය ගොස් ඇත. මේ පිලිබදව ඇගේ යෙහෙළියන් විසින් පන්ති බාර ගුරුවරයා දැනුවත් කර ඇති අතර ඔහු විසින් විදුහල්පතිනිය දැනුවත් කර තිබේ. විදුහල්පතිනිය විසින් දැරියගේ දෙමව්පියන් වහාම පාසැලට කැදවා දරුවා කැමැත්තෙන් අස්කර ගන්නා බවට ලිපියකට අත්සන් ලබා ගෙන අස්වීමේ සහතිකය ලබාදී ඇත.
ලෝක ළමා දිනයට සමගාමිව පැවැත්වෙන් උත්සවයේදී පාසැල් දරුවනට එදින උදැසන ආහාරය ලබදෙන බවට පාසලෙන් දැනුම්දීම නිසා දරුවන් එදින නිවසින් ආහාරය ගෙන නොමැති අතර උත්සවය අවසානයේ පෙරවරු 11.00ට පමණ ආහාර වෙල ලබාදුන් බව දෙමව්පියෝ කියා සිටිති.
පසුව එදිනම දැරියගේ දෙමව්පියන් විසින් ඇය දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර තිබෙන අතර එහිදී සිදුකල වෛද්‍ය පරීක්ෂණයේදී මෙම තොරතුරු අනාවරණය වීමෙන් පසු ළමා හා කාන්තා කාර්යංශයට හා කැකිරාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට පැමිණිලි කිරීමට පියවර ගෙන් ඇත.
දැරියට ලිංගික අතවරයක් හෝ සිදුව ඇත්දැයි පරික්ෂ කිරීමට විශේසඥ ළමා අධිකරණ වෛද්‍යවරයෙකුට යොමුකර ඇති බවද වෛද්‍ය අධිකාරිවරයා පැවසිය.
එම පරීක්ෂණ කටයුතු අවසන්වනතුරු දැරිය රෝහලේ නේවාසිකව තබා ගෙන් සිටින බවද වෛද්‍ය අධිකාරිවරයා පැවසිය.
දිර්ඝ වේලාවක් ආහාර නොගෙන සිටම හේතුවෙන් මෙවැනි සංකූලතා පහල විය හැකි බව වෛද්‍යවරු සඳහන් කරති.
COMMENTS