දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජයලලිතාගේ පරීක්ෂණ ඇරඹේ : සශිකලාට වරදින ලකුණු.
Homeප්‍රවෘත්ති

ජයලලිතාගේ පරීක්ෂණ ඇරඹේ : සශිකලාට වරදින ලකුණු.

PropellerAds

තමිල්නාඩුවේ හිටපු මහඇමතිනි ජයලලිතා ජයරාම්ගේ මරණය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නා කෙනෙකු සිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් තොරතුරු වහාම ලියාපදිංචි ...

නාමල් කොළඹ ගෙයින් ගෙට යයි
කතානායක හදිසියේ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
ජවිපෙ මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට

තමිල්නාඩුවේ හිටපු මහඇමතිනි ජයලලිතා ජයරාම්ගේ මරණය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නා කෙනෙකු සිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් තොරතුරු වහාම ලියාපදිංචි තැපෑලෙන් හෝ එසේ නොමැති නම් පරික්ෂණ කොමිසම වෙත ඍජුවම කරුණු ඉදිරිපත් කරන ලෙස ජයලලිතා ජයරාම්ගේ මරණය පිළිබඳ පරික්ෂණ කොමිසම ප්‍රසිද්ධ නිවේදනයක් අද (27) නිකුත් කළා.

අදාළ පරික්ෂණ කටයුතු අද (27)  දින ආරම්භ කරන බවයි පසුගියදා චෙනායි ‍ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා තිබුණේ.

කෙසේ වෙතත් පරික්ෂණ කොමිසම සිදුකළ ඉල්ලීමකට අනුව එම පරික්ෂණ කටයුතු මෙම මස 30 වන දින ආරම්භ කිරිමට නියමිතයි.

අදාළ කොමිසම මෙම පරික්ෂණ කටයුතු ජයලලිතාගේ නිවසේ සිට ආරම්භ කරන බවයි කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 22 වන දින ජයලලිතා ජයරාම් රාත්‍රී 10.30ට රෝගාතුරු වී චෙනායි ඇපලෝ රෝහලට ඇතුල් කරනු ලැබුවා . එම අවස්ථාවේදී ඇය දින 70ක් ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලැබුවා.

ප්‍රතිකාර අතරවාරයේ ඇය දෙසැම්බෙර් මස 5 වැනි දින ඇපලෝ රෝහලේ දී මියගියා.

ජයලලිතා ජයරාම්ගේ මරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව සැක පල කිරීමත් සමග තමිල්නාඩුවේ එය දැඩි ආන්දෝලනයක් වී තිබෙනවා.

මෙහිදී ජයලලිතා ජයරාම්ගේ සමීපතම මිතුරිය වන  සශිකලා පිලිබඳ   ‍සැක පලවී ඇති අතර හිටපු මහා ඇමතිනිය ඇපලෝ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කිසිඳු පාර්ශවයකට ඇයව බැලීම පවා සශිකලා විසින් තහනම් කර තිබුනා.

තමිල්නාඩු ආණ්ඩුකාර විද්‍යාසාගර් රාව්, තමිල්නාඩුවේ එම අවස්ථාවේ වැව බැලු මහා ඇමති පන්නීර්චෙල්වම්,  ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ මහලේකම් රාහුල ගාන්ධි එමෙන්ම ජයලලිතාගේ සහෝදරයාගේ දියණිය වන දීපා ඇතුළු දේශපාලන ප්‍රබලයන්ට ද ජයලලිත බැලීම තහනම් වුණා. 

ජයලලිතාගේ අවමංගල්‍ය කටයුතු පවා පවුලේ සාමාජිකයන්ට තහනම් වුනේ සශිකලගේ නියෝග අනුවයි.

ඉන් අනතුරුව බලහත් කාරයේ ශෂිකලා පක්ෂයේ මහලේකම් තනතුර ද ලබාගෙන තමිල්නාඩු මහඇමති ධුරයේ දිවුරුම් දීමට සුදානම් වූණා.

කෙසේ වෙතත් සශිකලාගේ එම සිහිනය බොඳ වීමත් සමග චෙනායි ශ්‍රේෂ්ඨාධිකරණයට ජයලලිතාගේ මරණය සම්බන්ධයෙන් සැක පළකරමින් පෙත්සමක් ද ගොනු කෙරුණා.

මෙම පෙත්සමේ ප්‍රධාන සැකකාරිය ලෙස සශිකලා නම්කර තිබෙනවා.

අදාල පෙත්සම විභාගයට ගත්  අධිකරණය ඒ සම්බන්ධයෙන් විශේෂ කොමිසමක් පත්කරනු  ලැබුවා.

ඒ අනුව ඇපලෝ රෝහලේදී ජයලලිතාට ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරයට ද අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් ප්‍රතිකාර ලබාදුන් කාල වකවානුවේ සීසීටීවී දර්ශන ද අධිකරණයට ලබාදෙන ලෙසයි නියෝග කළේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජයලලිතාගේ පරීක්ෂණ ඇරඹේ : සශිකලාට වරදින ලකුණු.
ජයලලිතාගේ පරීක්ෂණ ඇරඹේ : සශිකලාට වරදින ලකුණු.
http://ift.tt/2iE1h2C
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_567.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_567.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy