ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා සපුගස්කන්ද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩං...
ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා සපුගස්කන්ද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ(04) රාත්‍රියේ එම පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටි වැඩබලන ස්ථානාධිපතිවරයාට බැණ තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළවය.
හෙයියන්තුඩුව - ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක් මංකොල්ලකෑමේ සිද්ධියකට අදාළව සපුගස්කන්ද පොලීසිය අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු මුදා හරින ලෙස ඉල්ලමින් ඔහු ඊයේ රාත්‍රියේ එම පොලිස් ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.
එහිදී එම ඉල්ලීම වැඩබලන ස්ථානාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති අතර ඉන් අනතුරුව අදාළ වැඩබලන ස්ථානාධිපතිවරයාට ඔහු තර්ජනය කර ඇති බව පොලීසිය පැවසී ය.
සැකකාර පළාත් සභා මන්ත්‍රීවරයා අද(05) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
COMMENTS