යාල ජාතික වනෝද්‍යානයට සීමාවකින් තොරව ඇතුළුවීමට අවසර ඉල්ලා යාල සෆාරි ජීප් හිමියන්ගේ සංගමය අද උදෑසන විරෝධතාවක් ආරම්භ කොට තිබේ. ඒ අනුව උදෑ...
යාල ජාතික වනෝද්‍යානයට සීමාවකින් තොරව ඇතුළුවීමට අවසර ඉල්ලා යාල සෆාරි ජීප් හිමියන්ගේ සංගමය අද උදෑසන විරෝධතාවක් ආරම්භ කොට තිබේ.
ඒ අනුව උදෑසන සෆාරි ජීප් 100කට සහ සන්ධ්‍යා කාලයේ සෆාරි ජීප් 100කට පමණක් වනෝද්‍යානයට ඉඩ ලබාදෙන නව නීතිය හකුලා ගන්නැයි ඔවුහු බලධාරීන්ගෙන් ඉලා සිටිති.
යාල වනෝද්‍යානයට සෆාරි ජීප් ඇතුළු කරවීම සීමා කරවීමට පියවර ගන්නා ලෙස පරිසරවේදීන් විශාල පිරිසක් පසුගිය කාල සීමාව තුළ රජයෙන් ඉල්ලා තිබිණි.
ඔවුන්ගේ මතය වී තිබුණේ සීමා රහිතව සෆාරි ජීප් ඇතුළු වීම නිසා බොහෝ අවස්ථාවන්හි යාල වනෝද්‍යාන පරිශ්‍රය තුළ වාහන තදබද පවා ඇති වන බවයි. එය වනෝද්‍යානයේ සතුන්ට පමණක් නොව පරිසරයට හානිකර බව ඔවුන් පෙන්වා දී තිබුණි.
මේ අනුව අද උදෑසන යාල වනෝද්‍යානය යළි සංචාරකයන්ට විවෘත කරන අවස්ථාවේ එයට ඇතුළුවන සෆාරි ජීප් රථ සංඛ්‍යාව සීමා කරලීමට බලධාරීන් පියවර ගෙන තිබුණු අතර එම පියවර බොහෝ පරිසරවේදීන්ගේ සහ සත්ත්වවේදීන්ගේ ප්‍රශංසාවට භාජනය විය.
COMMENTS