දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිස්පතිට එරෙහිව මංගල පොලිස් කොමිසමට.
Homeප්‍රවෘත්ති

පොලිස්පතිට එරෙහිව මංගල පොලිස් කොමිසමට.

PropellerAds

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව පොලිස් කොමිසම වෙත පැමිණිලි කිරීමට මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා තීරණය කර තිබේ. ඒ, පසුග...

රන් කිලෝ 5ක් සමඟ උතුරේ 2ක් අත්අඩංගුවට
පොලීසියේ නම වෙනස් කරයි
ඔස්ට්‍රේලියානු වෙබ් අඩවි චෝදනාව ගැන විමර්ශන CIDයට (VIDEO)

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව පොලිස් කොමිසම වෙත පැමිණිලි කිරීමට මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා තීරණය කර තිබේ.

ඒ, පසුගිය සිකුරාදා (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් 450කට වැඩි පිරිසක් හමුවේ පොලිස්පතිවරයා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

තමා පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරු සමරකෝන් බණ්ඩාට තර්ජනය කොට පහර දෙන වීඩියෝව ජනමාධ්‍ය වෙත ලබාදී ඇත්තේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා බව, පොලිස්පති පූජිත් ජයසුන්දර පසුගිය සිකුරාදා (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් හමුවේ ප්‍රකාශ කොට තිබිණ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වල පලවී ඇති වාර්තා පිළිබඳව කල විමසීමක දී අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුයේ, පොලිස්පතිගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තමා දිවයිනට පැමිණි වහාම පොලිස් කොමිසමට පැමිණිලි කරන බවයි.

'' පොලිස්පතිවරයාගේ වගකීම් විරහිත ප්‍රකාශය සම්බන්ධයෙන් මට වාර්තා වෙලා තියනවා. පොලිස් ලොක්කන්ගේ  ඕපාදුප ගැන මාධ්‍යයට තොරතුරු දිදී ඉන්න මට වෙලාවක් නැහැ. අවශ්‍යතාවයකුත් නැහැ.  කොහොමවුනත් පොලිස්පතිවරයාගේ මෙම හැසිරීම බරපතල කාරණයක්. මම ලංකාවට පැමිණි විගස මේ ගැන සොයා බලා අවශ්‍ය කටයුතු කරනවා '' යයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පොලිස්පතිගේ කතාව ?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් අමතමින් පොලිස්පතිවරයා කල ප්‍රකශය 'ලංකා නිව්ස් වෙබ්' අඩවිය මෙසේ වාර්තා කර තිබිණ.

''මං දන්නවා මේක පිටිපස්සෙ ඉන්න අය. මේ වීඩියෝ එක ඉස්සෙල්ලාම මංගල සමරවීර ඇමතිතුමාට ලබාදුන්නෙ හෙඩ් ක්වාර්ටස්වල සීනියර් ඩීඅයිජී කෙනෙක්. පස්සෙ මංගල එයාගෙ කෝඩිනේටින් සෙකට්‍රි කෙනෙක් හරහා ඒක තවත් පිටරට ඉඳන් ක්‍රියාත්මක වෙන වෙබ් අඩවියකට දීලා තියනවා. (එකී සම්බන්ධීකරණ නිළධාරියාගේ හා අදාල වෙබ් අඩවියේ නම ද පොලිස්පතිවරයා සඳහන් කර ඇත)

මුං සේරම එක්කහු වෙලා බලන්නෙ මාව එලවන්න. එව්වා කොහෙද ? ජනාධිපතිතුමයි අගමැතිතුමයි මාව සීයට සීයක් ආරක්ෂා කරනවා' යනුවෙන් කෝපයෙන් කෑගසා ඇති පොලිස්පතිවරයා පසුව හඬාවැටීමට ආසන්න ලෙස පවසා ඇත්තේ 'ඕගොල්ලො සේරම ඒ ක්ලිප් එක දැක්ක නේ ? ඒකෙ මං සමරකෝන් බණ්ඩාට ගහනවද ? කොලර් එක පොඩ්ඩක් අල්ලනවා විතරයි.

අනික මම අර කාන්තා නිළධාරිනියව දූෂණය කරනවා කිව්වද ? (එම අවස්ථාවේ ඇය ද එම රැස්වීමේ සිට ඇත) මං කිව්වෙ උඹටත් මං කෙලවනවා කියලා. දැං මේ සේරම එක්කහු වෙලා මට කෙලවන්න නේ හදන්නෙ. ඒ කියන්නෙ මාව දූෂණය කරනවා කියන එක නෙවෙයි නේ' කියාය.''

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිස්පතිට එරෙහිව මංගල පොලිස් කොමිසමට.
පොලිස්පතිට එරෙහිව මංගල පොලිස් කොමිසමට.
http://ift.tt/2yraEsm
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_541.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_541.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy