රත්තරන් කිලෝ ග්‍රෑම් පහ හමාරක් සමග පුද්ගලයින් දෙදෙනෙකු කන්කසන්තුරේ උත්තර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබ...
රත්තරන් කිලෝ ග්‍රෑම් පහ හමාරක් සමග පුද්ගලයින් දෙදෙනෙකු කන්කසන්තුරේ උත්තර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (30) රාත්‍රියේ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දු - ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදගල් පදිංචිකරුවෙකු හා වැල්වැටිතුරේ, නෙරියකාඩු පදිංචිකරුවෙකු බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.
ඉන්දියාවට රැගෙන යාමට උත්සහ දැරූ විශාලතම රත්තරන් තොගය මෙය වන බවටත් අදාල රන් බිස්කට් තොගය වෙනත් රටකින් ගෙනවිත් ඉන්දියාවට අලෙවි කිරීමට ගත් උත්සහයක් බවට පෙනී යන බවටත් නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කර සිටී.
වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් යාපනය රේගු නිලධාරීන්ට බාරදී ඇත.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS