දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජපක්ෂ බබාට මතක් වෙලා!!! -සම්පත් සමරකෝන්
Homeප්‍රවෘත්ති

රාජපක්ෂ බබාට මතක් වෙලා!!! -සම්පත් සමරකෝන්

PropellerAds

  නාමල් රාජපක්ෂ එයින් ප්‍රකාශ කර තිබෙන්නේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව දැක්වූ විපක්ෂයේ සාමකාමී විරෝධය හේතුවෙන් තමන් ඇතුළු පිරිස අත්අඩංගු...

පාස්කු ප්‍රහාරයට පෙර ටාජ් හෝටලයේ රැඳී සිටි අමුත්තන් ගැන සෙවීමට යයි
ජවිපෙ එක්ක හරි අපි සන්ධානයක් හදනවා.. ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රී..
ඖෂධවල ගුණාත්මක භාවය ගැන පාර්ලිමේන්තුවේදී විවාදයක්
රාජපක්ෂ බබාට මතක් වෙලා!!! -සම්පත් සමරකෝන්

 

නාමල් රාජපක්ෂ එයින් ප්‍රකාශ කර තිබෙන්නේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව දැක්වූ විපක්ෂයේ සාමකාමී විරෝධය හේතුවෙන් තමන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ මීට දිනකට පෙරය.


නාමල් ඇතුලු ඔවුන්ගේ රාජපක්ෂ සනුහරයම ඔවුන් බලයේ සිටියදී මානව හමිකම් යනු ‘නයාට අදුකොල වගේ’ වූ බව නොනිදා සිටි අය දන්නේය. මානව හිමිකම්, ජිනීවා, මානව හිමිකම් කවුන්සිලය වැනි වචන දෙසත් ඔවුන් බැලුවේ වෛරී ලෙසය.

ලංකාව තුළ ක්‍රියාත්මක වූ මානව හිමිකම් සංවිධානවලට ඔවුන් විවිද තර්ජන, බියවැද්දීම් පමණක් නොව ඒවාට කඩා වැදී ඒතුළ ඇති දේපලවලට පවා හානි කරමින් ඒ ව්‍යාපාර විනාශ කරන්නට සිය හෙංචයින් යෙදවූ බව රහසක් නොවේ. එතැනින්ද නොනැවතුනු ඔවුන් මානව හිමිකම් ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගත්තේය. මානව හිමිකම්, මාධ්‍ය නිදහස, ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබද ක්‍රියාත්මක වූ ක්‍රියාකාරීන්ට සිය මවුබිමේ ජීවත්වන්නට නොදී ඔවුන්ට රටින් පිටුවහල් වීමට තත්ත්වයක් ද නිර්මාණය කළේ සිය පාලන කාලය තුළ බව කිසිවෙකුට අමතක ද නැත.(වීරවංශ, දුමින්ද සිල්වා වැන්නන්ට හැර…)

එපමණක් ද නොවේ ලංකාවේ මානව හිමිකම් කාර්යාලය අසලට වීරවංශ වැනි එහෙයියන් යවමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය ද්‍රෝහීන්, විදේශ කුමන්ත්‍රණ කරුවන් යැයි හංවඩු ගැසුවේය. එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ ලේකම් බෑං කීන් මූං ගේ පඹයින් පවා කොළඹ කාර්යාලය අසල පුලුස්සා දැමූවේත්, එජා කාර්යාලය අසල දින ගණක් රැදී සිටිමින් තොයිල් පවා නටමින් වීරවංශලා උපවාස කළේ ද රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාව සහ සහය මත බව කවුරුත් දනිති.

යුද්ධයේ වින්දිතයන් යුක්තිය පතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යන විට ඔවුන්ගේ නිවෙස්වලට සිය බුද්ධි අංශ යවා ඔවුන්ව බිය ගැන්වීය. ඒවා පිළිබද ලියූ මාධ්‍යවේදීන් රාජපෂලාට ද්‍රෝහීන් විය. එපමණක් ද නොව එක්සත් ජාතින්ගේ කිසිදු නියෝජිතයෙකුට රටට ඒමට වලක්වමින් මානව හිමිකම් තුට්ටුවකටවත් මායිම් නොකරමින් සිය පාලනය ගෙන ගිය බව නාමල් බබාට අමතක වී ඇති සේයකි. එසේම එක්සත් ජාතීන්ගේ කිසිදු යෝජනාවක්, උපදෙසක්, නිර්දේශයක් විදේශ කුමන්ත්‍රණ යැයි පාරම්භාමින් ඉවත දැමීය. මෙවැනි දේවල් පිටු ගණනක් වුවත් ලියන්නට තිබෙන බව ලෝකයාම දන්නේය.

රාජපක්ෂ පරම්පරාවම, සෑම දාම මේ රටේ බලය හෙබවිය යුතු යැයි සිහින දකිමින් සිටි නාමල් ලා ඇතුලු රාජපක්ෂලාට දැන් බලය නැත. 2015 ජනවාරියේදී ජනතාව ඔවුන්ට බලය ලබා දුන්නේ නැත.

දැන් එදා ගිණි තැබු මානව හිමිකම් බලය නැති අද මතක් වී ඇත්තේ ය. නාමල්ලා ඇතුලු රාජපක්ෂවරු ලැජ්ජා විය යුතුය.

නමුත් ශිෂ්ඨ රාජ්‍යක් අපේක්ෂා කරන ජනතාවට සතුටු විය හැකිය. එය එසේ වන්නේ තක්කඩි කමට හෝ මානව හිමිකම් මතක් වීමය. නමුත් මේ ‘බයිලා‘ වලට ජනතාව නැවත වරක් රැවටිය යුතු නැත. මක්නිසා ද යත් පසුගිය කාලය පුරාම රාජපක්ෂවරුන් මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස නොකළ අශිෂ්ඨ ශරීර පමණක් වීම නිසාය.
http://www.vikalpa.org

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජපක්ෂ බබාට මතක් වෙලා!!! -සම්පත් සමරකෝන්
රාජපක්ෂ බබාට මතක් වෙලා!!! -සම්පත් සමරකෝන්
http://ift.tt/2z52u62
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_521.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_521.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy