නව සන්ධානයක් පිහිටුවන අදහස අතහැර නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. ශ‍්‍රී ල...
ශ්රී ලංකා පොදුජන පෙරමුණත් සමග සාකච්ඡා පවත්වනවා සේම ජනතා විමුක්ති පෙරමුණ සමඟ ද, ජාතික හෙල උරුමය සමගද, ශ‍්‍රීලනිපයෙන් වෙන් වී ගිය පිරිස සමඟ ද ඒ සඳහා සාකච්ඡා කරන බවද ඔහු පැවසීය.
මහ ලේකම්වරයා මෙම අදහස් පල කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බව දැනටමත් එම පක්‍ෂය විසින් යෝජනා සම්මත කර සිටී.
COMMENTS