පාස්කු ඉරිදා ප‍්‍රහාරයට පෙරදින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලේ රැදී සිටි ඉහළ පෙලේ පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබද එම හෝටලයේ පාලනාධිකාරියෙන් කරුණු ...
මන්තී‍්‍රවරයා එහිදි සඳහන් කර තිබුනේ ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණි බෝම්බකරු එම බෝම්බය පුපුරුවා නොගැනීම සම්බන්ධයෙන් සැක මතුවන බවයි. මේ හේතුවෙන් අදාළ ප‍්‍රහාරය සිදුවූ දිනට පෙරදින එම හෝටලයේ රැදී සිටි පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන්නැයි දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා විශේෂ කාරක සභාවෙන් ඉල්ලීමක් කළා.
මන්තී‍්‍රවරයාගේ එම ප‍්‍රකාශයත් සමග පාස්කු ඉරිදා ප‍්‍රහාරයට පෙර දින ටාජ් සමුද්‍රා හෝටලයේ නවාතැන් ගෙන සිටි පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා බැලීමටයි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය යොමු වුණේ. ඒ අනුව එම කාරක සභාවේ ලේකම් මණ්ඩලය විසින් ටාජ් සමුද්‍රා හෝටලයේ නිලධාරීන්ගෙන් මේ පිළිබද ඉදිරි සතියේදී කරුණු විමසනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
කසුන් කැළුම්/නිශාන් ද සිල්වා
-nethnews
COMMENTS