දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව නාවික හමුදාපති රණසිංහත් මාසෙකින් පෙන්ෂන්.
Homeප්‍රවෘත්ති

නව නාවික හමුදාපති රණසිංහත් මාසෙකින් පෙන්ෂන්.

PropellerAds

නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ තිබේ. මෙම නව පත්වීම ...

අගමැති ඉවත් කිරීමේ තීරණය ජනපති හකුලා ගනී - ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීම අත්හිටුවයි!
බ්‍රිගේඩියර් ප්‍රියංක හමුවීමට සංඝරත්නයට ඉඩ නෑ - යුද හමුදා රථයකින් බ්‍රිගේඩියර්වරයා රැගෙන යයි (VIDEO)
බැසිල්ගේ නඩුවට දින නියම වෙයි - ගෝඨාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ තිබේ.

මෙම නව පත්වීම අද (26) සිට ක්‍රියාත්මක වන අතර මේ සමඟ රණසිංහ මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කරනු ලැබ සිටියි.

අදාළ පත්වීම් ලිපිය ජනාධිපතිවරයා විදෙස්ගතව සිටින බැවින් ඊයේ (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ඔස්ටින් පනාන්දු මහතා අතින් රණසිංහ මහතා ලබාගෙන ඇති බවද පැවසේ.

රණසිංහ මහතා ලබන නොවැම්බර් 19 වැනිදා 2017) විශ්‍රාම යාමට නියමිත අතර ඔහුගේ නාවික හමුදාපති ධූර කාලය දිනකිහිපයකට සීමාවනු ඇති බවට ද නාවික හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අඩුම කාලයක් සිටි නාවික හමුදාපති සින්නයියා !

හෙට විශ්‍රාම යාමට නියමිත ට්‍රෙවිස් සින්නයියා මහතා නාවික හමුදාපතිවරයා ලෙස පත්වූයේ පසුගිය අගෝස්තු 22 වැනිදා වන අතර ඔහු ඉකුත් සැප්තැම්බර් 26 වැනිදා විශ්‍රාම යාමට නියමිතව සිටියේය.

කෙසේවුවද, ඔහු වසරක සේවා දිගුවක් ඉල්ලා තිබුණද ඔහුට ජනපතිවරයා ලබාදෙනු ලැබුවේ මසක සේවා දිගුවකි.

වසර 1973 සිට මේ දක්වා සිටි නාවික හමුදාපතිවරු අඩුම වශයෙන් අදාළ ධූරයේ වසරක කාලයක් සිට තිබේ.

අවසන් වරට නාවික හමුදාපතිවරයාව සිටි රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතාද එම ධූරයේ වසර දෙකයි මසක කාලයක් සිටියේය. (පහත ලයිස්තුවෙන් එය තහවුරුකරගත හැකිවේ)



ඔහු පත්කරනු ලැබුවේද වත්මන් ජනාධිපතිවරයා වන අතර ඔහුට සිය නාවික හමුදා ධූර කාලය තුළ අවස්ථා 3කදී ජනපතිවරයා විසින් සේවා දිගු ලබාදී තිබිණි.

සින්නයියා හැටේ දශකයේ අවසන් භාගයෙන් පසුව ලංකාවේ නාවික හමුදාපති ධූරයට පත් පළමු දෙමළ ජාතික නාවික හමුදාපතිවරයා වන අතර 1973 වසරෙන් පසුව අඩුම කාලයක් එම ධූරය දැරූ අයද වේ.

විජේගුණවර්ධන ගේ දුන්නෙත් නෑ

සින්නයියා මහතා නාවික හමුදාපති කිරීමට වැඩිම විරුද්ධත්වයක් දැක්වූ අය ලෙස සැලැකෙන්නේ හිටපු නාවික හමුදාපති හා වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාය.

ඔහු නාවික හමුදාපතිව සිට ඉන් විශ්‍රාම ගියද ගෙවී ගිය දෙමස තුළ සින්නයියා මහතාට නාවික හමුදාපතිවරයා සතු කොළඹ ස්ටැන්මෝර් චන්ද්‍රවංකයේ පිහිටි නිල නිවස ලබා නොදුන් අතරම නාවික හමුදාපතිවරයාව සිටියදී භුක්ති විඳි මෝටර් රථ 11ක්ද ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයාව පත්ව යද්දී රැගෙන ගොස් තිබේ.

වත්මන් නාවික හමුදාපති සින්නයියා මහතා තවමත් සිටින්නේ හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි නාවික හමුදාවේ නිලධාරීන්ට ලැබෙන තුන්වැනි පන්තියේ නිවසකය.

විජේගුණරත්න මහතා ද අම්බලන්ගොඩින් නාවික හමුදාවට පැමිණි මතභේදාත්මක කුලේම අයෙකි.

සින්නයියා මහතාට නිල නිවස නොදුන් විජේගුණරත්න මහතා අදාළ නිල නිවස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න මහතාට ලබාදීමට මේවන විට කටයුතු යොදා තිබේ.

විජේගුණරත්න මහතා සින්නයියා මහතාට අදාළ නිල නිවස නොදී සිටින්නේ ඔහුට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා ලෙස බුලර්ස් පාරෙන් නිල නිවසක් ලැබී තිබියදීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව නාවික හමුදාපති රණසිංහත් මාසෙකින් පෙන්ෂන්.
නව නාවික හමුදාපති රණසිංහත් මාසෙකින් පෙන්ෂන්.
http://ift.tt/2y4X3Ig
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_494.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_494.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy