දිවි නැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් ලක්ෂ 355ක මුදලක් අවභාවිත කරමින් ප්‍රදේශීය සභා සඳහා ජි.අයි පයිප්ප බට මිලදී ගැනිම සම්බන්ධයෙන් හිටපු ...
දිවි නැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් ලක්ෂ 355ක මුදලක් අවභාවිත කරමින් ප්‍රදේශීය සභා සඳහා ජි.අයි පයිප්ප බට මිලදී ගැනිම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි නඩු විභාගයට දින නියම කර තිබේ.
කොළඹ මහාධිකරණය හමුවේ එම නඩුව අද (23) කැඳවූ අවස්ථාවේ ලබන ජුනි මස 04 වනදා නඩු විභාගයට දින නියම කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම ඇවන්ගාඩ් නඩුවෙන් තමා ඇතුළු පිරිස නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
ඔහු එම ප්‍රතිශෝධන පෙත්සම මගින් ප්‍රකාශ කර ඇත්තේ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට අවසර ලබා දීම මගින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම තමා ඇතුළු විත්තික්රුවන් 08 දෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා පත්‍රයක් ගොනු කර ඇති බවයි.
එම චෝදනා පත්‍රය ලබන 26 වනදා විභාගයට ගැනීමට නියමිත බව ද අදාළ පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
එම චෝදනා පත්‍රය නීති විරෝධි යැයි තීන්දු කරමින් තමන් ඇතුළු විත්තික්රුවන් නිදහස් කරන මෙන් ඉල්ලා තමා මීට පෙරද කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ ද එය ප්‍රතික්ෂේප කිරිමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දී ඇති බව සඳහන්ය.
එලෙස ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරුවරයා ගත් තීන්දුව නීතියට පටහැනි බව පෙන්වා දෙන ගෝඨාභය රාජපක්ෂ මහතා එම නියෝගය ප්‍රතිශෝධනය කර තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඊට අමතරව අභියාචනාධිකරණය හමුවේ ගොණු කර ඇති පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ විභාග වීමට නියමිත ඇවන්ගාඩ් නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
COMMENTS