දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කටාර් රජුගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක් !
Homeප්‍රවෘත්ති

කටාර් රජුගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක් !

PropellerAds

  හමුදා උත්තමාචාර පිරිනමින් ඉතා අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය. නායකයින් අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආර...

සයිටම් රෝහල රජයට පවරා දෙයි - නොමිලේ සේවා අගෝස්තු 1 වනදා සිට (VIDEO)
විග්නේශ්වරන්ගෙන් උතුරේ පොලිස් ලොක්කන්ට හදිස්සි කැඳවීමක්
පොලිස් ලොක්කෙකුගේ වැඩ තහනමට පොලිස් කොමිසම රැස් වෙයි
කටාර් රජුගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක් !

 

හමුදා උත්තමාචාර පිරිනමින් ඉතා අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය.

නායකයින් අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.


ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රීක සබදතා, බලශක්ති, ජල කළමනාකරණ, සෞඛ්‍ය සහ මුල්‍ය ක්ෂේත්‍රවල සහයෝගීතාවය වර්ධනය කෙරෙන නව ගිවිසුම් 07 කට ද මින් අනතුරුව අත්සන් තැබිණි.


දෙරටේ තානාපති නිලධාරින්, රාජ්‍ය නිලධාරීන් හා විශේෂිත ගමන් බලපත්‍රලාභීන්ට වීසා රහිතව රටවලට ඇතුළත්වීමට අවස්ථාව සලසා දීම සඳහා වූ ගිවිසුමට පළමුව අත්සන් තැබුණි.

 කටාර් විදේශ කටයුතු අමාත්‍ය Sheikh Mohamed Bin Abdul Rahaman Al Thani    මහතා සහ ශ්‍රී  ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඊට අත්සන් තැබීය.

දෙරටේ තානාපති කාර්යාල නිලධාරින් පුහුණුව හා පර්යේෂණ කටයුතු සදහා සහයෝගීතාවය ඇතිකර ගැනීමේ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.

 ඒ සඳහා ද අත්සන් තබන ලද්දේ ද කටාර් විදේශ කටයුතු අමාත්‍ය Sheikh Mohamed Bin Abdul  Rahaman Al Thani    මහතා සහ ශ්‍රී  ලංකාවේ විදේශ කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතායි.

ශ්‍රී  ලංකාවේ නියඟයෙන් පීඩාවට පත්වූ ජනතාවට හදිසි ආධාර පරිත්‍යාග පිරිනැමීම සදහා වූ ගිවිසුමකට ද එම මහත්වරුන් විසින් අත්සන් තබන ලදී.

අපවිත්‍ර ජල කළමනාකරණය පිළිබද දෙරට අතර  සහයෝගීතා ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අමාත්‍ය රවුෆ් හකීම් සහ කටාර්හි මහනගර සහ පරිසර අමාත්‍ය Mohamed Bin Abdullah Al  Rumaihi යන මහත්වරුන් අත්සන් තැබූහ.


ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සදහා වූ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.  

ඒ සදහා කටාර් රාජ්‍යයේ බලශක්ති හා කර්මාන්ත අමාත්‍ය Mohamed Bin Salih Al Sada   මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත්. පී. පෙරේරා යන මහත්වරුන් අත්සන් තැබූහ.


සෞඛ්‍ය හා වෛද්‍ය සේවා සහයෝගිතාවය සදහා වූ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර අමාත්‍ය රාජිත සේනාරත්න සහ එරට මහජන සෞඛ්‍ය අමාත්‍ය Hanan Binth Mohamed Al Kuwari යන මහත්වරුන් විසින් ඊට අත්සන් තැබූහ.


දෙරට අතර මූල්‍ය කටයුතු පිළිබද පර්යේෂණවල තොරතුරු හුවමාරුගැනීම සදහා කටාර්හි මුල්‍ය තොරතුරු අංශය හා ශ්‍රී  ලංකාවේ මූල්‍ය කටයුතු පිළිබද විමර්ශන කාර්යාලය අතර අත්සන් තැබුණු ගිවිසුමට ශ්‍රී  ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකයේ ආචාර්ය එච්.අමරතුංග මහතා සහ කුවේටිහි මුළ්‍ය තොරතුරු ඒකකයේ ප්‍රධානී Sheikh Ahmed Bin Eid Al Thani  මහතා අත්සන් තැබූහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කටාර් රජුගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක් !
කටාර් රජුගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක් !
http://ift.tt/2yRLHoo
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_485.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_485.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy