මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු අද (17) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ...
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු අද (17) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ඒ අනුව අගෝස්තු 1 දා සිට මෙම රෝහල රජයේ රෝහලක් ලෙස ක්‍රියාත්මක කෙරේ.
ශික්ෂණ රෝහලකට අවශ්‍ය සියළු පහසුකම්වලින් සමන්විත මෙම රෝහල රුපියල් බිලියන 3.5 ක වටිනාකමකින් සම්න්විත වේ.
අක්කර 05ක භූමි භාගයක හරිත සංකල්පයකට අනුව ගොඩ නඟා ඇති නෙවිල් ප්‍රනාන්දු රෝහල වර්ග අඩි 180,600 කින් යුක්තවන අතර මහල් 4 කින් යුත් ගොඩනැගිල්ලක් සහ මහල් 8ක ගොඩනැගිලි දෙකකින් මෙය සමන්විතය.
COMMENTS