කුළමල අනුව හතරට බෙදුනත් සිවුර ජාතින් අනුව බලයට රැහැණියි සිවුර මැරයන් එන්නේ පෙරමුණ කරගෙන සිවුර ...
කුළමල අනුව හතරට බෙදුනත් සිවුර
ජාතින් අනුව බලයට රැහැණියි සිවුර
මැරයන් එන්නේ පෙරමුණ කරගෙන සිවුර
නිෂ්මි, බාලෙ ගිය මඟ යනවලු සිවුර
සාමණේරලා ගේ ගලවා සිවුර
නෙක නෙක අපචාර කරනව ලොකු සිවුර
සිපිරි ගෙවල් පිරීලා ඉන්නව සිවුර
බැහැ වෙන් කරගන්න අද ගිහියොයි සිවුර
පාලකයන්ට නැතිවම බැහැ වගෙ සිවුර
පාලනේට එන්නට ඔරුවකි සිවුර
රුක්ක මූළ, ආරන්නේ හිටි සිවුර
ගමරාළගේ වංගෙඩි වාගෙයි සිවුර
අන් ආගම්වලට බැට දෙන්නෙත් සිවුර
ජාතික සංහිඳියාව වනසනවා සිවුර
වියවස්ථාවෙ මුල්තැන ලැබුනම සිවුර
ගෞරවෙ රැකෙනවද නාහිමියනි සිවුර
බුදු හිමියනේ ගලවා මුන් ගේ සිවුර
රැක දෙනු මැනවි ඔබගේ නිර්මල සිවුර
එහෙම නැති වුනොත් රැක ගන්නට සිවුර
වැඩි ඈතක නොවේ ගලවන දින සිවුර
- කොත්ති -
COMMENTS