දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්දගේ නිවසේ සිට කරුණාගෙන් මෛත‍්‍රීට ඇමතුමක්.
Homeප්‍රවෘත්ති

මහින්දගේ නිවසේ සිට කරුණාගෙන් මෛත‍්‍රීට ඇමතුමක්.

PropellerAds

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වූ බවට මාධ්‍ය වාර්තා පළවූ හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් හිටපු ඇමැති බැසි...

කොළඹ නගරයම හැකිනම් වහන්න... 4300කට කොරෝනා - නගරාධිපතිනි රෝසි
මහින්ද ගැන කතාකිරීම සජිත් මන්ත්‍රීවරුන්ට තහනම් කරයි
බෑග් බෝයි කෙනෙකුට කොරෝනා.. ඔහු LPL යන්න සිටි අයෙක්.. ජාතික ක‍්‍රිකට් කණ්ඩායම කැළඹේ !

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වූ බවට මාධ්‍ය වාර්තා පළවූ හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ හමු වූ දිනයේම රාත‍්‍රියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර ඇමැතිවරයාගේ නිවසේ සිට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සමග දීර්ඝ දුරකථන සංවාදයක යෙදී තිබේ. 

බත්තරමුල්ලේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේ සිට මහින්ද අමරවීර ඇමැතිවරයාගේ නිවසට ගොස් ඇති කරුණා අම්මාන් හිටපු ඇමැතිවරයා, තමන්ට ජනාධිපතිවරයාට කතා කිරීමට අවස්ථාවක් සලසා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව මහින්ද අමරවීර ඇමැතිවරයා තම දුරකථනයෙන් ජනාධිපතිවරයාට ඇමතුමක් ගෙන, කරුණා අම්මාන්ට අදාළ අවස්ථාව සලසා දී ඇත.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරන්නේ ජනාධිපතිවරයා සහ කරුණා අම්මාන් විනාඩි දහයකට ආසන්න කාලයක් දුරකතනය ඔස්සේ කතා කර ඇති බවයි. කෙසේ වෙතත් එහිදී ජනාධිපතිවරයා පැහැදිලිව පවසා ඇත්තේ කිසිදු ආකාරයකින් තමන්ට අධිකරණ කටයුතුවලට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින විමර්ශනවලට මැදිහත් විය නොහැකි බවයි. අගමැතිවරයා ද එසේ මැදිහත් නොවන බවත්, ඇමැතිවරුන්ට ද එසේ කිරීමට තමන් ඉඩ ලබා නොදෙන බවත් ජනාධිපතිවරයා කරුණා අම්මාන්ට අවධාරණය කර ඇතැයි අදාළ ආරංචි මාර්ග සදහන් කරයි.  කරුණා අම්මාන් මෙහිදී දිගින් දිගටම පවසා ඇත්තේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ කළ ආරාධනයක් නිසා පොදුජන පෙරමුණේ කාර්යාලයට ගියද, තමන්ට ආණ්ඩුව සම`ග කිසිදු ගැටුමකට යාමට අවශ්‍ය නැති බවයි.

යුද්ධය අවසාන වීමට පෙර කොළඹ දී සිදු වූ පුද්ගල ඝාතන රැසකට අදාළ ව කරුණා අම්මාන්ට චෝදනා එල්ල වී ඇත් අතර, ඊට අදාළව විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැදගත් තොරතුරු රැසක් ලැබී ඇතැයි ද අනාවරණය වේ. ඒ අනුව ඉදිරියේ දී කරුණා අම්මාන්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද එම දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙක් පැවසීය.

(සත්හඬ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දගේ නිවසේ සිට කරුණාගෙන් මෛත‍්‍රීට ඇමතුමක්.
මහින්දගේ නිවසේ සිට කරුණාගෙන් මෛත‍්‍රීට ඇමතුමක්.
http://ift.tt/2gWE3Bb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_318.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_318.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy