සීමා නිර්ණ වාර්තාවට පාර්ලිමේන්තු අනුමැතිය නොලැබුණු බැවින් ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිර්දේශ ලබාදීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල...
සීමා නිර්ණ වාර්තාවට පාර්ලිමේන්තු අනුමැතිය නොලැබුණු බැවින් ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිර්දේශ ලබාදීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පංචපුද්ගල කමිටුවක් පත්කිරීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ.
ඒ අනුව අග‍්‍රාමාත්‍යවරයාට අමතරව ඒ සඳහා පත්කරන සාමාජිකයින් පක්ෂ නියෝජිතයින්ගේද එකඟත්වය ඇතිව කතානායකවරයා විසින් ඉදිරි දින කීපය තුළ නම් කරනු ඇතැයි කතානායක කාර්යාලය නිවේදනය කළේය.
මේ සඳහා අග‍්‍රාමාත්‍යවරයාට අමතරව පත් කරනු ලබන අනෙක් සාමාජිකයන් දේශපාලඥයන් නොවන අදාල ක්ෂේත්‍රව පිළිබඳ දැනුමක් ඇති බුද්ධිමතුන් වනු ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.
පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය නොලැබුණු බැවින් ව්‍යවස්ථානුකූලව පනතේ 4(12 වගන්තිය අනුව කතානායකවරයා විසින් පියවර ගනු ලැබිය යුතු බවත් ඒ අනුව ඔහු මෙම තීරණය ගත් බවත් ඡන්ද විමසීමෙන් පසු කතානායක කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එම මාධ්‍ය නිවේදනය පහතින්,
පලාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව අද (2018.08.24) දින විවාදයට ගනු ලැබූ අතර, ඒ සඳහා සභාවේ අනුමැතිය නොලද හෙයින් ව්‍යවස්ථානුකූලව කථානායකවරයා විසින් පනතේ 4(12) වගන්තිය අනුව පියවර ගනු ලැබිය යුතුය. මේ කරුණ ගැන අද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.
කථානායකවරයාගේ මතය වූයේ කිසිම හේතුවකින් පළාත් සභා මැතිවරණය කල් නොදැමිය යුතු බවයි. පක්ෂ නායකයින්ට අමතරව කථානායකවරයා විසින් මැතිවරණ කොමිසම් සභාපති හා සීමා නිර්ණ කොමිසම් සභාපතිවරුන් සමගද ඉක්මන් මැතිවරණයක් සඳහා දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගන්නා ලදී.
කථානායකවරයා විසින් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නම් කරන කමිටුව අදාල නිර්දේශ ඔක්තෝබර් මැද වන විට ලබා දෙන්නේ නම්, 2018 ජනවාරි මස පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා පූර්ණ සහාය ලබා දෙන බවට අදාල පාර්ශව එකඟ වී ඇත.
ඒ අනුව පක්ෂ නියෝජිතයින්ගේද එකඟත්වයෙන් පංච පුද්ගල කමිටුව කථානායකවරයා විසින් ඉදිරි දින කීපය තුළ නම් කරනු ඇත. අග්‍රාමාත්‍යවරයාට අමතරව පත් කරනු ලබන අනෙක් සාමාජිකයන් දේශපාලඥයන් නොවන අදාල ක්ෂේත්‍රය ගැන දැනුමක් ඇති බුද්ධිමතුන් වනු ඇත.
නියමිත කාලයේදී ඉක්මන් මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය ලැබෙනු ඇති බවටද කථානායකවරයා මෙහි දී අවධාරණය කලේය.
COMMENTS