ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම තමා දැක නැති බවත් ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ පවා සාකච්ඡා නොකෙරුණු බවත් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අර්ජුන රණතු...
ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම තමා දැක නැති බවත් ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ පවා සාකච්ඡා නොකෙරුණු බවත් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
“මේ ගිවිසුමෙන් අපට වන බාධා පිළිබඳව අපි දැනුම්වත් නැහැ. ඒ ගැන සොයා බලනවා” යැයි ඔහු කීය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තුවේදී මතු වූ සංවාදයකදී ය.
අර්ජුන රණතුංග මහතා මෙසේද පැවසීය.
“අප ගිවිසුම දැකලා නැහැ. ඒක දැන් පාර්ලිමේන්තුවට දෙනවා කියනවනේ. මං රටට හානියක් වන කිසිම දෙයක් කරන්නේ නැහැ. ආයෝජකයන් ගේනවා නම් මා රටට හොඳ විදියටයි කරන්නේ. මම ඉන්නකම් සංස්ථාව පෞද්ගලීකරණය කරන්න ඉඩ දෙන්නේ නැහැ. සංස්ථාවේ ලාභය යන්න ඕන ජනතාවටයි. අපි තෙල්වලට මිල සූත්‍රයක් දැම්මා. ඒක ලෝකෙ හැම තැනක ම තියෙන දෙයක්.”
කෙසේ වෙතත් මීට පෙර සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති මලික් සමරවික්‍රම මහතා සඳහන් කළේ වත්මන් රජය විසින් සිංගප්පූරුව සමග අත්සන් කරන ලද වෙළඳ ගිවිසුම පසුගිය මැයි මස පළමුවනදා සිට ක්‍රියාත්මක බවයි.
මේ අතර මෙම ගිවිසුම සම්බන්ධයෙන් යලි සලකා බැලීම සදහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබේ.
නමුත් ඒකාබද්ධ විපක්‍ෂය චෝදනා කරන්නේ දැන් කමිටු පත් කිරීමෙන් පලක් නැති බවයි.
COMMENTS