කෙසේ වෙතත් දෙරට අතර සෘජු රාජ්‍යතාන්ත්‍රික සබඳතා නොමැති අතර විමර්ශන නිළධාරීන් එවීම ප්‍රමාදවීමට ද හැකියාව තිබෙන බව වාර්තා වේ. අදාල බැංකුවෙ...
කෙසේ වෙතත් දෙරට අතර සෘජු රාජ්‍යතාන්ත්‍රික සබඳතා නොමැති අතර විමර්ශන නිළධාරීන් එවීම ප්‍රමාදවීමට ද හැකියාව තිබෙන බව වාර්තා වේ.
අදාල බැංකුවෙන් සොරකම් කරන ලද මුදල්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මෙරට බැංකු කිහිපයකම ගිණුම් වෙත බැර කර තිබේ. අදාල සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ එම මුදල් ආපසු ලබාගැනීමට උත්සාහ කිරීමේදීය.
මෙරට බැංකුව ගිණුම් තුනකට මුදල් බැර වී ඇති අතර ගිණුම් දෙකක හිමිකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු ගිණුමේ හිමිකරුවා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් සිටී.
තායිවානයේ ෆාර් ඊස්ටර්න් ජාත්‍යන්තර බැංකුව (Far Eastern International Bank) පවසන්නේ සොරා ගන්නා ලද මුදල්වලින් වැඩි ප්‍රමාණයක් මේ වනවිට නැවත අත්පත් කරගෙන ඇති බවයි. තවත් ඩොලර් ලක්ෂ 05 ක් පමණ සොයාගැනීමට තිබෙන බවයි වාර්තා වන්නේ.
COMMENTS