දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චන ෂඩ ලසතය.. සනපක තල නව මග එය.. ආණඩවට ලටරයකන රපයල 50ක බදදක!
Homeප්‍රවෘත්ති

චන ෂඩ ලසතය.. සනපක තල නව මග එය.. ආණඩවට ලටරයකන රපයල 50ක බදදක!

PropellerAds

විවිධ පාර්ශව චෝදනා නැඟුවද පසුගිය ජුනි මාසයේ සිදු කළ විදුලි මිල සංශෝධනයේ දී සමස්ත විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 60ක ප්‍රමාණයෙන් ලක්ෂ 35කට 55%ක ...

රවි-ඇලෝසියස් අධිකරණයට භාර වෙන ලකුණු !
එජාප නායක රනිල් ගමේ කවුරු හරි ඉල්ලනවා නම් අටපට්ටමට කියන්න – අජිත් පී. පෙරේරා
අප හා එක් නොවුනොත් රනිල්ගේ අවසානය ඛේදවාචකයක් වේවි - ෆොන්සේකා
විවිධ පාර්ශව චෝදනා නැඟුවද පසුගිය ජුනි මාසයේ සිදු කළ විදුලි මිල සංශෝධනයේ දී සමස්ත විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 60ක ප්‍රමාණයෙන් ලක්ෂ 35කට 55%ක විදුලි මිල සහනයක් ලබාදීමට රජය කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ආගමික ස්ථාන හා කර්මාන්ත අංශයට එම විදුලි මිල සංශෝධනයේදී සහන ලබාදීමට කටයුතු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා නව පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය මේ වන විට නිර්මාණය කර තිබෙන බව ද පැවසීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

අඛණ්ඩ ඉන්ධන සැපයුම සඳහා ඛනිජ තෙල් සංස්ථාව ගිවිසුම් ගත වූ සමාගම් දෙකෙන්, එක් සමාගමක පළමු ඉන්ධන නැව මේ මස අවසානයේ මෙරටට පැමිණෙනු ඇති බවත් ඒ සමඟ නව සැපයුම් කරුවන්ගේ ඉන්ධන බෙදාහැරීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ වන බවත් ඒ මහතා සඳහන් කළේය.

මූල්‍ය අර්බුදයට ලක්ව තිබූ විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් සංස්ථාව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් මේ වන විට මූල්‍ය ස්ථාවරත්වයක් දක්වා වර්ධනය වෙමින් තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙසේ ද පැවසීය.

පසුගිය වසර වන විට අපේ රටේ ඉන්ධන පෝලිම් තිබුණා වගේම , විදුලි කප්පාදුව ද වැඩි වශයෙන් සිදු වුණා. එම අභියෝගාත්මක කාලය පසු කරමින් නව රජය යටතේ ගනු ලැබූ තීන්දු තීරණ හේතුවෙන් ඉන්ධන පෝලිම් නැති කිරීමටත්, අඛණ්ඩව විදුලිය සැපයීමටත් හැකි වුණා.

දශක දෙක තුනකට වැඩි කාලයක සිට ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන, නිෂ්පාදන මිලට අඩුවෙන් අලෙවි කර ඇති බව ඔබ තේරුම් ගත යුතුයි. ඉතින් ඒ සහනාධාර මුදල යටතේ විකුණන විට, පසුගිය වසරේ සැප්තැම්බර් දක්වා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබුවා. ඒ නිසා ඒ පාඩුවෙන් තමයි අපි දැන් ගොඩ ගන්න ඕන.

පසුගිය ජනවාරි මාසයේ මෙන්ම, ජුනි මාසයේ ද විදුලි මිල සංශෝධනය කිරීමට කටයුතු කළා. ගෘහස්ථ කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 60ක් පමණ සිටිනවා.

ඉන් ඒකක 30 සිට ඒකක 60 දක්වා විදුලි පාරිභෝජනය කරන්නන් ලක්ෂ තිස් පහකට සියයට 55ක මිල අඩු කිරීමක් අවසන් වරට කළ මිල සංශෝධනයේදී සිදු කළා.

ලියාපදිංචි ආගමික සිද්ධස්ථාන 40,000ක් පමණ තිබෙනවා. ඉන් 15,000ක පමණ විදුලිය භාවිතා කරන්නේ ඒකක 30ට අඩුවෙන්. ඒ වගේම කර්මාන්ත අංශයටත් පසුගිය විදුලි මිල සංශෝධනයේදී සහන ලබාදීමට රජයට හැකි වුණා.

පසුගිය කාලයේ විදුලිබල මණ්ඩලයේ අලාභය රුපියල් බිලියන 409ක් ලෙස වාර්තා වුණා. පසුගිය වසරේ පමණක් එම අලාභය රුපියල් බිලියන 167.2ක් වනවා. පැවති අලාභය නිසා විවිධ අපහසුකම්වලට මුහුණදීමට සිදු වුණා.

නමුත් මේ වන විට සැපයුම්කරුවන්ගේ සියලු ගෙවීම් අවසන් කර තිබෙනවා. නව පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලය විසින් රුපියල් බිලියන 120ක් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතුව තිබුණත් එය රජය විසින් ශේෂ පත්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එම නිසා විදුලිබල මණ්ඩලය දැන් මූල්‍ය අතින් ශක්තිමත් තැනකට පැමිණෙමින් තිබෙනවා. පසුගිය වසර 03 තුළ නවතා දමා තිබූ නඩත්තු කටයුතු සහ නව සබඳතා ලබා දීමේ කටයුතු නැවත ආරම්භ කර තිබෙනවා. මේ වන විට නව සබඳතා 36,000 සඳහා ඉල්ලුම් කර ඇති අතර ඉන් 20,000 සබඳතා ලබා දී අවසන් කර තිබෙනවා . ඉදිරි මාස දෙක ඇතුළත ඉතිරි සබඳතා ලබාදීමට අපි කටයුතු කරනවා.

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුගත කිරීමෙ නව කෙටුම්පත මේ වන විට නීති සම්පාදක වෙත යොමු කර තිබෙනවා. එම කෙටුම්පත ලැබීමෙන් පසු එය නීතිපතිට යොමුකර නිර්දේශ විමසා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනතුරුව පාර්ලිමේන්තුවට යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී නව පනත සම්මත කර ගැනීමට හැකියාව තිබෙනවා.

මෙහිදී විදුලිබල මණ්ඩලයේ සිටින සේවකයන්ට කිසිදු පීඩනයක් සිදුවෙන්නේ නැහැ. දැනට සේවයේ නියුතු ස්ථිර නොවූ NVQ පාඨමාලා හදාරා ඇති සේවකයින් ස්ථිර කිරීමත් එහිදී අප සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බොරතෙල් ආනයන කටයුතු පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිටම සිදු සිදුකරමින් තිබුණා. ඉන්ධන අඛණ්ඩව සැපයීම සඳහා නව ආයතන දෙකක් සංස්ථාව සමඟ ගිවිසුම්ගත වී සිටිනවා. එම සැපයුම් කටයුතු මෙම මාසය අවසන් වන විට ආරම්භ කිරීමට කටයුතු කරන බව ඔවුන් දැනුම් දී තිබෙනවා.

ඔවුන්ගේ පළමුවන ඉන්ධන නැව ජුලි මස අවසානයේදී ලංකාවට පැමිණීමට නියමිතයි. ඔවුන් මේ වන විට ඉන්ධන හල් 150ක් පමණ ලියාපදිංචි වී අවසන්.

ඔවුන්ගෙ ඉන්ධන නැව ලංකාවට පැමිණි පසු ඉන්ධන බෙදාහැරීම ‘සිපෙට්කෝ‘ නාමය යටතේ සිදු කළත් එම බෙදාහැරීම් පසුව ඔවුන්ගේ සමාගමේ නාමය යටතේ සිදු වෙනවා. ඉන්ධන බෙදාහැරීම මේ සමාගම් වලට ලබා දෙන විට මුදල් අමාත්‍යංශය මගින් ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 50ක බද්දක් අය කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ හරහා ඉන්දියානු ණය, ඉරාන ණය ගෙවා අවසන් කිරීමටත්, සැපයුම්කරුවන්ට ගෙවීමට තිබෙන ණය කඩිනමින් ගෙවා අවසන් කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ගෙවිය යුතු ණය මුදල් සියල්ල ගෙවා අවසන් කර තිබෙනවා . ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට මූල්‍ය මට්ටමෙන් ශක්තිමත් වී තිබෙන නමුත් එය ප්‍රතිව්‍යුහගත කිරීම අප නවතා දමන්නේ නැහැ.

ඉන්ධන මිල සංශෝධනය කිරීමේදී තෙල් තොග පවත්වා ගෙන නොයන ඉන්ධන හල් සඳහා නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා. අද උදෑසන රාජගිරිය ඉන්ධන පිරවුම්හල රජයට පවරා ගැනීමට අප කටයුතු කළා. ඉන්ධන මිල සංශෝධනය කිරීමේ දී තෙල් තොග ළඟ තබා නොගත් ඉන්ධන පිරවුම් හල් 120ක් ගැන පැමිණිලි මේ වනවිටත් අපට ලැබී තිබෙනවා. ඒ පිළිබඳවත් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

අමාත්‍යාංශයට සහ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල සිටින සේවකයින් ප්‍රමාණය ප්‍රමාණවත් බැවින් නව සේවකයන් බඳවා නොගැනීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා අගමැතිවරයා සහ රජයේ සාමූහික ගත් තීන්දුවක් මත රාජ්‍ය ආයතන ඵලදායි ලෙස කාර්යක්ෂම කිරීමට සැලසුම් කර තිබෙනවා.

පසුගිය කාලයේ දී පුනර්ජනනීය බලශක්තිය සඳහා ටෙන්ඩර් කැඳවා තිබූ ආයෝජකයන් මේ වන විටත් පැමිණ නැහැ. සමහර ටෙන්ඩර ලබාගත් ආයතන තවත් ආයතනවලට එම ටෙන්ඩරය විකුණා තිබෙන බව දැනගන්න ලැබී තිබෙනවා. ඒ නිසා පුනර්ජනනීය බලශක්තියට මෙගාවොට් 500ක් සඳහා ටෙන්ඩර් කැඳවීම ඉදිරි කැබිනට් මණ්ඩලයේ දී අහෝසි කර, නව ටෙන්ඩර් කැඳවීමක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ‘අදානී‘ සමාගමට පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් මෙගාවොට් 500ක බලාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය අවසරය ලබා දීමටත් කටයුතු කර තිබෙනවා. ඔවුන්ගේ ජනන කටයුතු ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඛනිජ තෙල් සංස්ථාව සහ විදුලි විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එම ආයතනවල සේවක ප්‍රජාවගෙන් බහුතරයක් කැමැත්ත පළ කර තිබෙනවා. වෘත්තීය සමිති නායකයන්ට ලැබෙන වරප්‍රසාද නොලැබී යාමේ බිය නිසාම ඔවුන් මෙම ක්‍රියාවලියට විරෝධය පළ කරමින් සිටිනවා. නමුත් පාඩු ලබන ආයතනයක වැටුප් වර්ධක, ප්‍රසාද දීමනා ලබාදීම අනුමත කරන්න බැහැ. ලෝකයේ කිසිම රටක එහෙම සිදු වෙන්නෙත් නැහැ. ඒ ක්‍රමය අපි නවත්වන්න ඕන. විදුලිබල මණ්ඩලයේ 24,000ක් පමණ වූ සේවකයන්ට අවුරුදු තුනකට වරක් 25% ක වැටුප් වර්ධනයක් ලබා දෙනවා. අපි එය නවතා දැමුවා.

වැටුප් වර්ධක ලබා දෙන්නේ වැඩ කරන, ඵලදායිතාවයක් ඇති සේවකයන්ට පමණයි. සියලුම සේවකයින්ට වැටුප් වර්ධක ලබාදෙන ආයතනයක් ලෝකයේ කිසිම රටක නැහැ. අප්‍රේල් මාසයේ සහ දෙසැම්බර් මාසයේ ලබාදෙන ප්‍රසාද දීමනා ලබා දෙන්නේ ආයතනයේ ලාභ ලැබුවොත් පමණයි. එයත් ඵලදායීව වැඩ කරන සේවකයින්ට පමණයි.

ඒ වගේම ඉන්දියානු ණය ආධාර යටතේ රජයේ ආයතනවලට සහ ආගමික ස්ථානවලට සූර්ය පැනල ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සෑම ආගමික ස්ථානයකටම කිලෝ වොට් පහක සූර්ය පැනලය බැගින් ලබාදීමට කටයුතු කරනවා. රාජ්‍ය ආයතන සඳහා වහලයේ ප්‍රමාණයට සූර්‍ය පැනල ලබාදීමටත් කටයුතු කරනවා. මෙම ව්‍යාපෘතිය ඉදිරි මාස දෙක ඇතුළත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳවත් අවධානය යොමු කර තිබෙනවා. එය 2023 – 2042 ජනන සැලසුමට ඇතුළත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඉන් ලැබෙන ප්‍රතිඵලය අනුව න්‍යෂ්ටික බලශක්තිය අපේ රටට ලැබිය යුත්තේ කවදාද යන්න තීරණයක් ගෙන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

– Media unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චන ෂඩ ලසතය.. සනපක තල නව මග එය.. ආණඩවට ලටරයකන රපයල 50ක බදදක!
චන ෂඩ ලසතය.. සනපක තල නව මග එය.. ආණඩවට ලටරයකන රපයල 50ක බදදක!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidSW-K27bboduQzZ-hFuzsFDkOjvjoAerS-i6FT224x9_0fRbSOMQ0yh8fJQfah3jpR0fiADexVR93-_YWs0VeZNf_3kDdLCZ8YJWjffS3nRSw4JLonA8fdFWrI428oYvRtCBaAh6z6BqN5UIZLN-PhA-RbFg9AhrG3UAQmA2CEVhjWIjeAetVD6Zy/s320/sinopec.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidSW-K27bboduQzZ-hFuzsFDkOjvjoAerS-i6FT224x9_0fRbSOMQ0yh8fJQfah3jpR0fiADexVR93-_YWs0VeZNf_3kDdLCZ8YJWjffS3nRSw4JLonA8fdFWrI428oYvRtCBaAh6z6BqN5UIZLN-PhA-RbFg9AhrG3UAQmA2CEVhjWIjeAetVD6Zy/s72-c/sinopec.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/07/50.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/07/50.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy