දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බාල ගිරි..... අද නොවේ... හෙට.......
Homeප්‍රවෘත්ති

බාල ගිරි..... අද නොවේ... හෙට.......

PropellerAds

මේ කියන පාර  අපේ අම්මලා ඉන්න ගෙදර සහ අසල්වැසි පවුල් අටකට වාහනයකින් ලඟා වන්නට තිබෙන එකම ප්‍රවේශ මාර්ගයයි.   අපි ඉස්කෝලේ යන කාලේ අපේ නිවස...

'මම නමට ඇමති වුණා' - හරීන් ඇමැතිකම ගැන කළකිරීමෙන් 
මුදල් ඇමතිගේ වත්කම් පිළිබඳ විස්තර ඉල්ලයි
ජනපති ශිෂ්‍ය සංගම්වලින් ඉල්ලීමක් කරයි
බාල ගිරි..... අද නොවේ... හෙට.......
මේ කියන පාර  අපේ අම්මලා ඉන්න ගෙදර සහ අසල්වැසි පවුල් අටකට වාහනයකින් ලඟා වන්නට තිබෙන එකම ප්‍රවේශ මාර්ගයයි.
 
අපි ඉස්කෝලේ යන කාලේ අපේ නිවස තිබූ කඳු මුදුනේ සිට මල්වත්ත දක්වා වූ කිලෝ මිටර් එක හමාරක පමණ වූ දුර ගමන් කලේ පයින්මයි.
 
ඒත් අපේ අසල්වැසි නිවාස වල සිට පාසැල් යන ළමුන් දැන් ගමන් කරන්නේ මේ කියන පාරේ ත්‍රී විලර් එකකින් හෝ යතුරු පැදියකින් ( ඔවුන්ගේ දෙමව්පියන්ට අයත් වාහන)
 
වර්තමානයේ මේ පාර ප්‍රයෝජනයට ගන්නා පිරිස අතර සුසුකි ඇල්ටෝ වර්ගයේ වාහන හිමියන් තිදෙනෙක්, ත්‍රී විලර් හිමියන් දෙදෙනෙක් , යතුරු පැදි හිමියන් හතර පස් දෙනෙක් ඉන්නවා.
 
ඒ වගේම උමා ඔය ව්‍යාපෘතිය නිසා බීමට වතුර නැති වී ඇති අපේ ගම පුරා බෙදා හරින්නට වතුර රැගෙන එන බවුසරයත් මේ පාරේ ගමන් කරනවා ( ගම පුරා වතුර බෙදන ටැංකිය තිබෙන්නේ අපේ අසල්වැසියෙකුගේ ඉඩමේ)
 
මේ අය බොහෝදෙනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ අනුගාමිකයෝ ( අපේ දෙමව්පියන් සහ සොහොයුරියන්ගේ පවුල් ප්‍රභල ශ්‍රී ලංකා පාක්ශිකයින් වන අතරේ අසල්වැසි පවුල් දෙකක් තුනක්ම ප්‍රභල එක්සත් ජාතික පක්ශ ආධාර කරුවන් ලෙස පෙනී  සිටිනවා).
 
බණ්ඩාරවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක බංගලාවක් වූ කේෂන් බංගලාවට  සහ අසලඇති ගල උඩ පුටුව නම් මනරම් ස්ථානයටත් මේ පාරෙන් ලඟා වෙන්න පුලුවන්.
 
"සෙනොක් එස්ටේට්" නම් අලුත් නමකින් හැඳින්වෙන මේ අක්කර පණහ වත්ත නම් තේ වත්ත සහ කේෂන් බංගලාව හිටපු පාලකයෙකුගේ පුතෙක් මිලදී ගෙන ඇති බවත් ඔහු විසින් ඉහතින් කියූ බංගලාවට ලලනාවන් රැගෙන හෙලිකොප්ටර් වලින් ආ ගිය කතාවත් අපේ පැත්තේ ප්‍රසිද්ධ රහසක්.
 
මේ කතා සියල්ල එසේ වුවත් මා මේ කියන ගුරු පාර වැඩි දියුණු කරන්නට කිසිම රජයක් හෝ තේ වතු හිමියෙක් උනන්දු වුණේ නෑ.
 
පසුගිය රජය සමයේ බණ්ඩාරවෙල ප්‍රදේශය නියෝජනය කල නිදහස් පක්ෂ මන්ත්‍රී තුමා වෙත ගිය මොහොතක එතුමා අපේ තාත්තාට කියා තිබුණේ
 
"අන්කල් ආයිත් පාරක් හිඟා කන්න ආවද ? ඔය පාර හදන්න දෙන්න ප්‍රතිපාදන මා ලඟ නෑ.." යනුවෙනි.
 
පාර අවසානයේ තුන් පැත්තකට බෙදී යන ස්ථානය දක්වා ප්‍රධාන පාරේ සිට  ඇති දුර අඩි අටසියයක්.
 
කිසිදු දේශපාලකයෙක් අත නොතැබූ මේ මාවත වැඩි දියුණු කරන්නට මම අත ගැහුවේ 2011 වගේ කාලෙක.
 
ඒ වරෙකට රුපියල් ලක්ෂය බැගින් හතර වතාවක් අපේ තාත්තට මුදල් දී  අඩි 300 ක පමණ මුල් කොටස මගේ පුද්ගලික මුදල් යොදවා කොන්ක්‍රිට් කිරීම මගින්.
 
මගේ මුදල් , තාත්තගේ සහ අපේ මස්සිනාලගේ ශ්‍රමය මැද පාර අඩි සියයෙන් සියය කොන්ක්‍රීට් වෙද්දී අසල්වැසි පවුල් නිහඬව ඔහේ තම තම වාහන වල ගමන් කලත් අපේ අයට උදව්වට ආවේ නෑ.
 
ඒ නිසාමදෝ කොහෙද මගේ උනන්දුව තිබුණත් පාර දිගින් දිගටම කොන්ක්‍රිට් කිරීමට අපේ පවුලේ අයටෙ උනන්දු වුණේ නෑ .
 
ඒ වෙනුවට අපේ අක්කා සහ ඇයගේ සැමියා නැවතත් ඔවුන්ගේ හිත මිතුරෙක් සහ මගේ උසස් පෙළ පංති සගයෙකු වූ දේශපාලකයෙකු වෙත යොමුවුණා.
 
ඒ එවකට සිටි බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති වෙත.
 
"අක්කා උඹලා මල්ලිට පිස්සු . ඌට නිකං ඉන්න කියපන්.
 
 මම ඕකට සල්ලි පාස් කරලා දෙන්නම් "අපේ ඩොක්ටර්"  ට ( පලාතේ මන්ත්‍රී) කියලා. "
 
ඒ බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ගේ වචන.
 
ඒ අනුව මා තනියෙන් ගොඩනඟමින් තිබු අපේ පාරට පළමු වතාවට බාලගිරි ලඟා වුණා.
 
ඒ මගේම පාසැල් මිතුරෙකු හරහා.
 
සමන්සිරි කියනවා මල්ලිට පාර කරන්න එපාලු . එයා ඊලඟ අය වැයෙන් සල්ලි අරන් දෙනවලු . මල්ලි අපි ටික කාලෙකට වැඩ නවත්තමු නේද?
 
අක්කා පළමු බාලගිරි දෝෂයට අහුවුණේ එහෙමයි.
 
(මේ "ඩොක්ටර්"  තමයි අපේ තාත්තාට කලින් පාරට මුදල් අනුමත කල නොහැකි බව කියලා තිබුණේ.
 
වර්තමානයේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ශ්‍රී. ල.නි. ප. යට අත්වී ඇති අභාග්‍ය සම්පන්න ඉරණමට මේ දෙන්නාත් අපේ ඉස්කොලේ ගිහින් හමුදාවට සම්බන්ධ නිසා පළාතේ නියොජනයට ආ තුන්වෙනි "අහසින් පහත්වූ" ශ්‍රී ලංකා නියෝජිතයාත් හවුල්.
 
මේ අය තමන්ගේ පළාතේ ජනයා පෙළන උමා ඔය ව්‍යාපෘතිය වගේ දේවල් ගැන තම හඬ අවදි කලේම නැහැ.
 
තුන්වෙනියට කිව් පළාත් සභා මන්ත්‍රී කොහොමද දන්නේ නැහැ හැබැයි අනිත් දෙන්නා දේශපාලනය කරනවා කියලා කරේ මළ ගෙවල් වල ගිහින් අරක්කු බී බී ජනතාව එක්ක සමීප වුණ එක කියලයි මම අහලා තියෙන්නේ. )
 
කරුණු එසේ වුවත් මේ තුන් දෙනාම තමන්ට බලය තිබුණු කාලයේ අපේ ගම්වල ඔවුන්ගේ හෙන්චයියලා කියන කේලාම් අසා එක්දහස් නවසිය පනස් ගණන් වල සිට ශ්‍රී ලංකා එකේ ප්‍රමුඛයන් වූ අපේ තාත්තලාට කෙනහිලි කම් කලා.
 
ඒත් අදටත් අපේ දෙමව්පියෝ සහ නෑදෑයෝ තම "උපන් පාක්ෂික කම "  නිසා මේ "අහසින් පහත් වූ"  පිරිසට සාම්ප්‍රදායිකව චන්දය දෙනවා, ඊට පස්සෙ ඔවුන්ගේ පස්සෙන් යනවා පාරවල්, ජල ව්‍යාපෘති ‍ය  රැකියා ස්තාන මාරු වගේ දේවල් ඉල්ලාගෙන.
 
මේ බව සනාථ කෙරෙන කියමනක් කියවුණේ ඔය කියන සමන්සිරි ගෙන් මම පසුගිය වතාවක බණ්ඩාරවෙල  ආ වෙලාවේ.
මට අපේ ආදී ශිෂ්‍ය හමුවකදී සමන්සිරි හම්බවෙනවා.
 
" හා මචං කවිඳු.. කවද්ද ලංකාවට ආවේ?
 
"ටික දවසක් වෙනවා. ඒක නෙවෙයි උඹ අපේ පාරට මොකද කරන්නේ? මම කරන එකත් නවත්තවව්වා අපේ අක්කලා රවට්ටලා දැන් උඹට ඕක කරන්න වෙයි"
 
" මචං අක්කයි , අය්යයි මාර සපොර්ට්  එකක් දුන්නාට මට සභාපති වෙන්න.. ඒකයි මම අක්කට කිව්වේ උඹේ පුද්ගලික සල්ලි ඕකට දාන්න ඕනේ නෑ අපි ප්‍රාදේශීය සභාවෙන්  ඒක කරන්නම් කියලා"
 
" හරි පුතා උඹට පුලුවන් නම් පාර කරපන් . 
 
හැබැයි බොරු පොරොන්දු දෙන්න එපා.. 
 
උඹ එහෙම පොල්ල තිබ්බොත් අපේ ගමේ උඹට තියෙන චන්ද ටික නැතිවෙයි"
 
"මොන පිස්සුද මචං ඔය උඹලා පවුලේ ජයසිංහලාගේ චන්ද ටික අපිට කවදත් ලැබෙනවා"
 
"හරි  අපි බලමුකෝ මේ සැරේ. 
 
උඹ මම කර කර හිටපු වැඩෙත් නතර කරවලා දැන් අනිවාර්යයෙන් මේ වැඩේ කරන්න වෙයි.
නොකරොත් මම ආපහු පාර පටන් ගන්නවා . 
 
හැබැයි ඔක්කොම ජයසිංහලා නැතත් අපේ ගෙදර ටික හරි උඹලාගෙන් අයින් කරනවා."
 
මම සමන්සිරිලාගේ දේශපාලන අනාගතය 2014දී දැක්කේ එහෙමයි.
 
2018 දිත් සමන්සිරිලා පොහොට්ටුවෙන් හරි බුලත් කොලෙන් හරි මතුවෙයි. අපේ ගම්වල මිනිස්සුන්ට මේ අයට පාඩමක් උගන්වන්න තරම් මොළයක් පෑදුනොත් හරි.
 
මේ  කියවන ඔබට හිතෙන්නට පුලුවන්
 
"ඉතිං කවිඳුලා කට්ටිය යූඇන්පියට සෙට් වුණා නම් ඉවරනේ? " කියලා.
 
අපේ ගමේ යූඇන්පී හෙන්චය්යන් සහ ඔවුන්ගේ කලබළ කාරී බණ්ඩාරවෙල නායකයා බාලගිරි දෝෂයට සහභාගී වුණ හැටි ඉතිරි කොටසින් ගෙන එන්නම්...
 
මේ පාරේ ඉදිරි වැඩ සිදුවුණේ කොහොමද, බාලගිරි කී වතාවක් මේ පාරේ ආවද.. කියවමු ඊලඟ කොටසින්...
 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බාල ගිරි..... අද නොවේ... හෙට.......
බාල ගිරි..... අද නොවේ... හෙට.......
http://ift.tt/2hq0LSH
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_163.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_163.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy