දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'මම නමට ඇමති වුණා' - හරීන් ඇමැතිකම ගැන කළකිරීමෙන් 
Homeප්‍රවෘත්ති

'මම නමට ඇමති වුණා' - හරීන් ඇමැතිකම ගැන කළකිරීමෙන් 

PropellerAds

තමා විදුලි සංදේශ ඇමති වුවද, විදුලි සංදේශ නියාමන කොමිසම තමාට අයිති නොමැති බවත් ඒනිසා තමා නමට ඇමති වූ බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහස...

ඉන්ධන අර්බුදය උග්‍රයි.. පුද්ගලික වාහනයක 03-04ක් ගමන් කිරීමට නීතියක් ගෙනා යුතුයි - රාජ්‍ය ඇමති දයාසිරි
උග‍්‍ර පෙට‍්‍රල්-ඩිසල් හිගයක් එනවා.. ලංකා-මහජන බැංකු බංකොලොත් වෙනවා..- පොහොට්ටු යුනියන් ලොක්කා කියයි..
පොහොර හොරා ශෂීන්ද්‍රද? රෝහිණී විජේරත්න අසයි – වීඩියෝ සහිතයි
'මම නමට ඇමති වුණා' - හරීන් ඇමැතිකම ගැන කළකිරීමෙන් 

තමා විදුලි සංදේශ ඇමති වුවද, විදුලි සංදේශ නියාමන කොමිසම තමාට අයිති නොමැති බවත් ඒනිසා තමා නමට ඇමති වූ බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ (16) ගූගල් ලූන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වර්තමානයේ දී එල්ල වී ඇති ඇතැම් විවේචන සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ය.

එහිදී අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.

“අපි අවසර ඉල්ලුවේ ගූගල් බැලූන් ‘නියමු ව්‍යාපෘතියක්‘ සඳහා. ඒ සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ අවසරය අවශ්‍ය වෙනවා. මගේ අමාත්‍යාංශය අමුතු අමාත්‍යාංශයක්. මම විදුලිසංදේශ ඇමති වුණාට, විදුලිසංදේශ නියාමන කොමිසම මට අයිති නැහැ. විදුලි සංඛ්‍යාත (Spectrum) මට අදාළ වෙන්නේ නැහැ. මම නමට ඇමති වුණා කියන්නේ ඒකයි. සංඛ්‍යාත පරිහරණය කිරීම සම්බන්ධයෙන් මට අදාළත්වයක් නැහැ.“

“රාමා කියන ආයතනය තමයි ගූගල් සමාගම ලංකාවේ කටයුතු කරන්න යොදා ගත්තේ. රාමා කියන ආයතනය සමඟ ශ්‍රී ලංකා රජය කිසිදු වාණිජ ගිවිසුමක් මේ දක්වා අත්සන් කර නැහැ. මේක නියමු ව්‍යාපෘතියක් නිසා සංඛ්‍යාතයක් දෙන්න ආණ්ඩුව එකඟ වෙලා නැහැ. මේක සාර්ථක වුණා නම් තමයි ගිවිසුමකට යන්න අවශ්‍ය වෙන්නේ.“

“විදුලිසංදේශ නියාමන කොමිසම, ලෝක විදුලිසංදේශ සංගමයේ සාමාජිකයෙක්. එහි සාමාජිකයෙක් වීම නිසා එහි නීතිරෙගුලාසිවලට අපි එකඟ විය යුතු වෙනවා. එහිදී මෙගා හර්ට්ස් 700 සංඛ්‍යාත නිකුත් කිරීමේ නීතිමය බාධාවක් පැන නැගිලා තියෙනවා.“

“මෙතනදී කිසිම හොර ගනුදෙනුවක් වෙලා නැහැ. ලංකාවේ කිසිදු මුදලක් මේ වෙනුවෙන් වැයවෙලා නැහැ. අපේ සංඛ්‍යාත කිටවත් අපි විකුණත් නැහැ. මේ බව කැබිනට් මණ්ඩලයට වාර්තා කර තිබෙනවා. කැබිනට් අවසරය ලැබිලා තියෙනවා. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් තිබෙනවා. එය වෙන රටකට ලැබෙන්න ඉඩකඩ තියෙනවා.“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'මම නමට ඇමති වුණා' - හරීන් ඇමැතිකම ගැන කළකිරීමෙන් 
'මම නමට ඇමති වුණා' - හරීන් ඇමැතිකම ගැන කළකිරීමෙන් 
http://ift.tt/2kv4CkL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_970.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_970.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy