සරණාගතයින් සම්බන්ධයෙන් රජයක් ලෙස කටයුතු කළ ආකාරය දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් පැසසුමට ලක්ව ඇති බව වරාය සහ නාවික කටයුතු අමාත්‍ය මහින්ද...
සරණාගතයින් සම්බන්ධයෙන් රජයක් ලෙස කටයුතු කළ ආකාරය දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් පැසසුමට ලක්ව ඇති බව වරාය සහ නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
අද(03) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
පසුගිය දා නාවික හමුදාව විසින් අත්අඩංගුවට පත් පිරිස සම්බන්ධයෙන් ඇතැම් අන්තවාදීන්, පටු දේශපාලන ලාභයන් වෙනුවෙන් ක්‍රියා කරමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් 1951 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ඇති කර ගත් සම්මුතියක් අනුව ලංකාවට සරණාගතයින් සම්බන්ධයෙන් වගකීමක් දැරිය නොහැකි බව අමාත්‍යවරයා කියා සිටියේය.
ජාත්‍යන්තර වශයෙන් එලෙස නීතිය ක්‍රියාත්මක වුවත් මානුෂීය වශයෙන් ලංකා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ජාත්‍යන්තරය පවා සතුටු වන බව ද කියා සිටි අමාත්‍යවරයා, එක්සත් ජාතීන්ගේ ආයතනයට බාරදුන් පසුව රජයක් ලෙස සරණාගතයින් සම්බන්ධයෙන් කිසිවක් ඉටු කිරිමට බැඳී නොමැති බව ද පවසා සිටියේය.
අතීතයේ සිටම සරණාගතයින් 728 ක් පමණ පැමිණ ඇති බවත් ඔවුන් ලංකාවේ අදට ද ජීවත් වන අතර මෙවර පැමිණි 30 දෙනා සම්බන්ධයෙන් පමණක් නොයෙක් අර්ථ කථන ලබා දෙමින් සමාජ අරගලයක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සහ ගන්නා බව ද පැවසීය.
මහින්ද හා ගෝඨා නිසා සරණාගතයින් බාරගන්න වෙනවා
විදේශීය සරණාගතයන් බාරගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ගිවිසුමක් අත්සන් කර තිබෙන බැවින් විදේශයන්ගෙන් මෙරටට පැමිණෙන සරණාගතයන් බාරගැනීමට සිදුව ඇතැයි ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (03දා) පැවසීය.
එම ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී තමන් විරුද්ධ වූ අතර, එම විරෝධය නොතකා එකල පාලකයන් ගිවිසුම අත්සන් කළ බවත්, මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයන් බාරගැනීමට සිදුව ඇත්තේ ඒ හේතුවෙන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී රණවක මහතා සඳහන් කළේ, මියන්මාරයේ ප්‍රශ්න මියන්මාරයට විසඳා ගැනීමට ඉඩදී ලංකාවේ ප්‍රශ්න ලංකාව විසඳාගත යුතු බවයි.
COMMENTS