මේ දවස්වල දිවඉණ පුරා මහ විසාල හාහෝවක් යනව අපේ ඝරුටර මහා ෂන්ඝරට්නේට චීවර දාරීන් කියල ඇමතුවයිය එතනිං ගිහාම එහෙම කරන එක සාකල්ලියයෙන්ම වැරදිය...
මේ දවස්වල දිවඉණ පුරා මහ විසාල හාහෝවක් යනව අපේ ඝරුටර මහා ෂන්ඝරට්නේට චීවර දාරීන් කියල ඇමතුවයිය එතනිං ගිහාම එහෙම කරන එක සාකල්ලියයෙන්ම වැරදියිය කියල. ඒ ආස පොලෝ නුහූලන මහා අපරාදෙ කරල තියනවයි කියන්නෙ අපේ පීල්ඩ් මාසල් තුමයි රන්ජන් රාමා නියෝජ්ජිය ඇමතිතුමයිලු.
අපේ පීල්ඩ් මාසල් තුමාට මල් මිටක් තියල වඳිංට උවමනයි මේ කරපු වැඩේ නොහොත් දෙබරෙට ගල් ගැසීම ගැන. උන්නැහේ පිරබාහරන් ප්‍රමුක කොටි නඩේ යුද්දෙං පැරැද්දෙව්ව වගේම මේ රට දියුණුවෙලා කාටත් දෙයියනේ කියල නිවී හැනහිල්ලෙ ඉන්ට පුලුවන් තැනක් කරන්ටනම් තව අත ගහන්ට අත්තියාවස්යම වැඩකට තමයි ඔය අත ගහල තියෙන්නෙ.
ඒ කිව්වෙ අපේ සංග කස්ටියට තමන්ගෙ තැන මතක් කරල දෙන එක. එයාල හිතාගෙන ඉන්නෙ කහ රෙද්ද තනි උරේට හෝ දෙවුරට දාගත්තම අනිකුත් සාමාන්නිය මිනිස්සුන්ට ජීවත්වෙන හැටි, එතකොට පිලිපැදියයුතු වත් පිලිවෙත් ඒ වගේම චන්දෙ දෙන්ට ඕනෙ කාටද? ඒ වගේ කාරනා කාරනා ගැන නිසි නින්දේ තීරන ගැනීමේ අයිතිය තමන්ට ඒ මොහොතේ ඉඳල නිකම් මේ ප්‍රාතිහාරියකිං වගෙ නිල බලෙම්ම ලැබෙනවයි කියලනෙ.
කොටිම්ම පහුගිය දවස්වල පවුලකට ඉන්ට ඕන ලමයි ගාන පවා අර කිරම මොන ජෝතිද කියල චීවරදාරියෙක් නියම කලා නෙව. කොහොමද සෙල්ලම? නරක නෑ නෙවද? ඒ එක වහන්දෑ කෙනෙක්. තව එක්කෙනෙක් ඉන්නව රටේම තියන පලතුරු එක්කහු කරල චයිත්තිය වටේ ගොඩ ගහල පලතුරු පූජා තියනව. ඒ අර මහ මෙව්නාවෙ වහන්දෑ. තව උන්නැහේ කෙනෙක් කකුල තියන්නෙ පොලවට මල් ඇතුරුවොත් විතරයි. කාලයක් තිස්සෙ පුරුද්දක් විදිහට මල් ගැහුවම යටි පල්ලෙ ගැට එනව. කකුල බර කරල තියනකොට බොහොම වේදනාකාරීයි. පලමෝත අත්දැකීමෙං කියන්නෙ...හෙහ්,හෙහ්...(පලමෝත අත්දැකීං = First hand experience- Copy right Taboo) එහෙම උනහම ඔය අරලිය, සමං පිච්ච, දාස්පතියා වගෙ මල් බිමට ඇතුරුවහම යටි පතුලට කියන්ට බැරි තරං සනීපයක් දැනෙනවයි කියල ටටු ඩට්ටෝ පවසා වදාරන සේක. නෝ එනි ඉම්ප්ලිකේෂන්ස් හියර්... යූ අන්ඩස්කර්ට්?
ඒ අල්ල පනල්ලෙ තව වහන්දෑ කෙනෙක් උසාවිවල නඩු කාරයින්ට නඩු අහන්නෙ කොහොමද කියල නොමිලේ උපදෙස් දෙන්ට ගිහිල්ල නිකං අපරාදෙ වැලිකඩ බෝඩිමේ කූරු ගනං කරන්ට වැඩම කරනව. තව උන්නාන්සෙ කෙනෙක් අලිපැටව් කෙරේ පතල මහා කරුනාවෙං අලි මේච්චලේට ගිහිල්ල කල්දේරං බත් කනව. ඊට පස්සෙ අලුත්ම සීන් කෝන් එක අර හිටපු නීලකාසය ආයම පත් කරගන්ට අල්ලසක් විදිහට සිල් රෙදි බෙදන්ට සල්ලි පාස් කරල දුන්නු තක්කඩි දෙන්නට උසාවියෙං නියම කරපු දඩේ ගෙවන්ට සල්ලි එකතු කරන්ට කියල මහා ෂංඝ රට්නේ ටෙමේ පාරවල් දිගේ හිඟමනේ වඩිනව.
ඉතිං ඔන්න ඔහොමයි අපේ රට ජාතිය ආගම චිරාත් කාලයක් පවතිනා අයුරු රැකබලා ගන්නෙමැයි දිවිහිමියෙන් සපත කොට සිටින තමන්ම පත් කොටගත් ජාතියේ මුර දේවතාවුං වහන්සේලාගේ හැසිරීම. (Executives of self appointed national security service)
ඔය ජාතික සිකුරුටි කොම්පැණියෙ එක ලොක්කෙක් තමයි ගුල්ලේ ඇනවන්ස උන්නැහැ. පීල්ඩ් මාසල් ඉස්සෙල්ලම චීවරදාරියා කියල කිව්වෙ එටුමාට. නමසිය අනූගනන්වල මුලහරියෙ වගෙ තෙවන ඊලම් යුද්දෙ ඇරඹුනාම රටපුරා හෙන හාහෝවක් ගියා. ගායකයො ගායිකාවො රොද බැඳගෙන සිංදු කියන්ට ගත්ත රනවිරුවන් ගැන. ඒක කමක් නැතය කියමුකො. තමන්ගෙ රට ජාතිය ආරක්සා කරන්ට ඉදිරියට යන හමුදාවෙ දහිරිය වර්දනය වෙන ආකාරෙ ගීත කියන්ට ඕනම ගායක ගායිකාවකට අයිතිය තියනව.
ඒත් මෙතන අවුල වුනේ ඔය ගීත වැඩි හරියක් ලිවෙ ඔය ගුල්ලේ ඇනවන්ස උන්නැහැ. සනත් නන්දසිරි කියපු මේ ගීතෙ ලිව්වෙත් එටුමාම තමයි. "අසිපත කොපුවෙන් එලියට ගන්නේ..ලේ නොම තැවරී නැත යලි ලන්නේ....."
කොහොමද බුද්ද පුත්තරයෙක් ලියාපු ගීතය? එලස් නේ? බුදු හාමුදුරුවො හිටියනං "දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ, සත්තුන්ට පවා කරුණාව මෛත්‍රිය දක්වන්ට කියල දේසනා කරන මගේ ගෝලයෙක් මොනවද මේ කියන විපිරියාස කතා?" කියල දැඩිව විස්සෝපයට පත්ව දෙව්රම් වෙහෙරෙ බාල්කෙක මුචලින්ද නාග රාජයගෙං බෙල්ලෙ වැලදාගෙන පිරිනිවන් පානව ඔන් ද ස්පොට් ඇන්ඩ් ඕල්සො විත් ඉමීඩියට් ඉෆෙක්ට්.
ඉතිං මම කියන්නෙ මෙච්චරයි. මෙහෙම මිනිස්සුන්ට චීවරදාරියා කියල කියන එකත් හොඳ වැඩියි. සිංහලයෙක් විදිහට එහෙම ගීත ලියන්ට එටුමාට අයිතිය තියනව. ඒකෙ නෝ ඉෂූ ඇට් ඕල්. ඒත් සිවුරක් දාගත්තු බුද්ද පුත්‍රයෙක් විදිහට එහෙම මරාපියව් කොටාපියව් කියල ගීත ලියන්ට උන්දැට කිසිම අයිතියක් නෑ. එහෙම ලියන්ටම ඕන නං ලේ දාතුව එච්චරම කකියනවනම් සිවුර ගලවල දෙහි ගහක වනල ඕන එකක් ලියාගන්ට අපෙ උන්නාන්සෙ. ඒකට අපි මොකවත්ම නොකියන්නෙමු.
අනික මෙහෙම හිතන්ටකො. දැං මොකක්ද ඔය චීවරදාරියා කියල කියන්නෙ? චීවර=සිවුර....දාරියා=දරන්නා නැත්නම් හැඳගෙන සිටින්නා. ඉතිං හාමුදුරු ගොල්ල ඉන්නෙ සිවුරක් නැත්තං වෙන අහවල් ඉටි ගෙඩියක් ඇඳගෙනද? ඉතිං සිවුරක් ඇඳගෙන ඉන්න මනුස්සයට චීවරදාරියා නොකිය ආය වෙන අහවල් බිබික්කමක් කියන්ටද? යම් නිලයක් දරන්නා වනාහී නිලදාරියා වෙයි. ඒ වගේ තමයි ඔය චීවරදාරී කේස් එකත්. නතිං මෝ නතිං ලෙස්.
මෙතන වෙලා තියෙන්නෙ වෙන මොකවත් නෙවෙයි මේ අපේ සාදුලගෙ තියන හීන මානෙ. බලෙං කියවගන්ට ට්‍රයි එකක් දානව අටිඝරු මහා ෂන්ඝරට්නේ කියල......හෙහ්, හෙහ්. පව් මෙයා...සෝ බෑඩ්...කියන්නත් සෑඩ්...අනුකම්පා කරනව ඇරෙන්න වෙන අහවල් දෙයක් කොරන්නද? ඔය හීනමානෙ කියන එක ඇවිල්ල බොහොම දරුනු ලෙඩක්. අධිමානය සුවකරගන්න එක ලේසියි. හීන මානෙ ඊට වඩා කේස්.
ඔය අටිඝරු මහා ෂන්ඝ රට්නේ සීන් එක ගැන අපූරුවට ලියල තිබ්බ සිසිර කුමාර මානික්ක ආරච්චි මහත්තය. ඔහේල බහුතරයක් උන්නැහේ ගැන අහලවත් නැතුව ඇති. හැත්තෑව දශකයේ බොහොම ප්‍රසිද්දියටපත් පුවත්පත් කලා වේදියෙක්. ඒ වගේම ගත් කතුවරයෙක්. ඔහු ලියූ පොත් අතර "සිරිලංකා ඉල්ලංකා" "සාගරයක් මැද අමන රටක් ඇත" සහ "මනෝසීල" යන විචාර ග්‍රන්ත ඉතා ප්‍රසිද්දය. ප්‍රසිද්ද කිව්වෙ ඒ කාලෙ හොඳද? මට මතක නෑ කෝකෙද කියල ඒත් ඒ එක පොතක තිබ්බ ඔය අටිඝරු මහා ෂංඝරට්නේ ගැන මෙහෙම සටහනක්.
දැන් මේ අතිගරු මහා සංඝරත්නය කියන බණ පිලිගත යුතුය කිසිම ප්‍රශ්නයක් නාසා ඒ බණ පිලිපැදියයුතුය කියල මතයක් රට පුරා පැතිර යන්නේය. ඒ ගැන මා අසා ඇති කතාවක් කියන්නටයි මේ සූදානම.
ජෙමා ගමේ කොස් පොල් කඩන්නාය. ඒ දවල්ටය. රෑට ඔහු දවල්ට මුදලට කැඩූ ගස්වලටම නැඟ හොරපොල් කඩයි. ඊට අමතරව ගෙට ගන්ට අමතකව වැලක ඇති සරං තුවා, කලිසං, ගවුං යනාදී සියල්ල අතගාගෙන යයි. ජෙමාගේ මේ අවකල්ක්‍රියා ඉවසනු නොහැකිව අවසානයේ ගමේ මිනිස්සු එකතුව පොලීසියට පැමිණිලි කරයි. පොලීසිය ජෙමා අල්ලා උසාවියට ඉදිරිපත් කරයි. ජෙමාට මාස තුනක සිරදඬුවක් නියමවේ.
තුන් මස අවසානයේදී හිරගෙදරින් එලියට එන ජෙමාට පරන පුරුදු රස්සාව දිගටම කරගෙන යනු නොහැකි බව වැටහේ. ඔහු ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් හමුවීමට යයි. ලොකු හාමුදුරුවෝ නෑකමින් ජෙමාගේ මාමාය. පන්සල බාරකාරත්වය තමන්ගෙන් පසු පැවරීමටද කිසිවකු නැති නිසා ලොකු හාමුදුරුවෝ ජෙමා මහණ කිරීමට එකඟ වෙති. සුබ මුහුර්තයකින් ජෙමා මහණ කරනු ලබයි. යන්තම් මාස තුනකට එපිට ජෙමාගේ මුහුනටම කෙළගැසූ උදවිය කහකඩය හැඳි ජෙමා තෙරුන් වහන්සේ ඉදිරිපිට වැඳ වැටෙති. "අපි වඳින්නෙ චීවරේටනෙ. ඒක ඇතුලෙ ඉන්න මනුස්සයට නෙවෙයිනෙ" ඔවුහු තම සිත් රවටා ගැනීම/සනහා ගැනීම උදෙසා තමන්ටම තොල් මතුරාගනිති.
එදිනම සවස් භාගයේ ජෙමා තෙරුන් වහන්සේ සොරකමෙහි ආදීනව අලලා සුමදුර දර්ම දේසනයක් ද පවත්වති. ඒ වණ ඩිංජ ශ්‍රවණය කරනා සැදැහැති උපාසක උපාසිකාවෝ අනූපමේය ශ්‍රද්ධා භක්තියෙන් යුතුව දොහොත් මුදුනේ තබා සාදුකාර දෙන්නෝය.
මේ ටික මම ලිව්වෙ මතකයෙන්. ඒ හින්ද සුට්ටක් විතර එහෙ මෙහෙ වෙච්ච තැන් එමට ඇති. ඒත් සිසිර කුමාර මාණික්ක ආරච්චි මහත්තය ලියපු කතාවෙ සාරය මෙතන තියනව.
අදත් අඩු වැඩි වශයෙන් සිද්ද වෙන්නෙ මේකම තමයි. එක වෙනසක් තියනවනම් තියෙන්නෙ අද සිවුර දාගන්න ජෙමාල සාසනේට ඇතුල් උනාට පස්සෙ කරන්නෙ හොර පොල් කඩනව වැලක තියෙන රෙද්දක් අතගාගෙන යනව වගෙ සිල්ලර හොරකං නෙවෙයි. ඊටවඩා මහා පරිමාන එව්ව.
පීල්ඩ් මාසල් තුමාට තව චෝදනාවක් තියනව හාංදුරුවංට හිඟන්නො කිව්වයි කියල. ඉතිං හාමුදුරුවො කියන්නෙ හිඟන්නො නෙවෙයිද? පිඬු සිඟා වඩිනව කියන්නෙ මොකක්ද? කෑම හිඟමනේ යන එක. අනික සල්ලි ඉල්ලල ගෙයිං ගෙට යන එක හිඟමනක් නෙවෙයිනම් වෙන අහවල් එකක්ද? මේකෙ වැඩේ වෙලා තියෙන්නෙ චීවර දාරීන්ට තමංගෙ අරමුන ඉස්ට කරගන්ටත් ඕන ඒ කිව්වෙ අර තක්කඩි දෙන්නගෙ දඩේට ඕන මුදල මිනිස්සුංගෙං එකතු කරගන්ටත් ඕන. එහෙම නැත්තං පොඩි සංදර්සනයක් දාල කැමරා ඉස්සරහ රඟන්ටත් ඕන. ඒත් ඒක හිඟමං ඉල්ලීමක් කියල පිලිගන්ට කැමැත්තකුත් නෑ. එහෙම බෑ හාංදුන්නේ....දොං නං දොං...සිමං නං සිමං....දොං සිමං දෙකක් බෑ....හොඳෙයි?...තේරුනෙයි?
මම හිතන්නෙ සාසනේ අනාගතය ගැන හිතුවොත් චීවරදාරීන්ට තව ඔප්ෂන් එකක් තියනව. ඔය නිකං බොරු මහා ෂංගරට්න කෑලි පැත්තක තියල කෙලිම්ම බහිනව බිස්නස් එකට. අර අලි මේච්චල් චීවරදාරිය නං ආරංචි විදිහට දැනටම ඒ වැඩේ පරං අරගෙන. මම මේ කියන්නෙ බන කියන්ට ගානක් අය කරන එක. ඒ වගේම පාන්සුකූලෙටත් සාදාරන ගානක් කස්ටිය කතාවෙලා නියම කරන්ට. නෝ එනි පොබ්ලම්. එහෙම උනහම කාටත් පහසුයි.
එතකොට පාන්සුකූල දෙන්ටම ඕනෙ කියල හිතන අයට ඇඩ්වාන්ස් එකක් දීල හාමුදුරුවො එක්කගෙන ඇවිල්ල ඒ අවස්ය දේවල් කරගත්තෑකි. හැබැයි ඉතිං දන ගහල වැඳිලි බෑ. අතට අත දීල නැත්තං ආයිබෝං කියල හාන්දුරුවො පිලිගත්තම හොඳටම ඇති. එතකොට "ආය අහවල් පාන්සුකූල.....මොන බොරු වැඩද ඔව්ව?" කියල හිතන අයට නිකං ඉන්නත් පුලුවන්. අවුලක් නෑ.
මෙහෙම අන්ඩස්ටෑන්ඩිං එකකට එන එකේ තව ප්‍රයෝජනයක් තියෙන්නෙ ඊට පස්සෙ චීවරදාරීන්ට තමං කැමති ඕනම දේසපාලුවෙකුට කඩේ ගිහෑකි කිසි අවුලක් නැතුව. මරා පස්සෙ ගියා හරි රනිලා පස්සෙ ගියා හරි කියල කවුරුවත්ම දොසක් කියන එකක් නෑ.
නිකං උගුරට හොරා බේත් කන්නෙ නැතුව එහෙම කලානම් අපිටත් පහසුයි... චීවරදාරීන්ටත් පහසුයි...
COMMENTS