ගංවතුර තත්ත්වයෙන් හානියට පත් වූ ගංඟාවල ඉවුරු ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව නීතිය සාමය හා දක...
ගංවතුර තත්ත්වයෙන් හානියට පත් වූ ගංඟාවල ඉවුරු ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
මාතර සිට දෙනියාය දක්වා ස්ථාන 34කින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩි දුරටත් පැවසීය.
මාතර කොටපොල ප්‍රදේශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සාගල රත්නායක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
COMMENTS