දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සහිරා විදුහල නීති රීතී රෙගුලාසි කඩ කරලා.
Homeප්‍රවෘත්ති

සහිරා විදුහල නීති රීතී රෙගුලාසි කඩ කරලා.

PropellerAds

රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල් ද කලයුත්තේ අධ්‍යාපන අමත්‍යංශයේ නීති රීතී, රෙගුලාසි හා චක‍්‍රලේඛයන් අනුව වූවත් රජයේ ආධාර ලබන රජයේ වැටුප් ලබන ...

ජර්මන් ලේබලය ගහලා හදන්නේ අටුළුගම..කෝටි ගණනක විෂ ආලේපන දිනකට පිටකොටුවට..ෆේෂ්වොෂ්,ඩියොඩ්‍රන්,ක්‍රීම් ඒ අතර
පොලිස් මූලස්ථානයට යැවූ ASP එරික් නැවත මීගමුවට එවයි
දියවන්නාවේ ජලය කහ පාට වූ හේතුව ජොන්ස්ටන් සොයාගනී

රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල් ද කලයුත්තේ අධ්‍යාපන අමත්‍යංශයේ නීති රීතී, රෙගුලාසි හා චක‍්‍රලේඛයන් අනුව වූවත් රජයේ ආධාර ලබන රජයේ වැටුප් ලබන ගුරුවරුන් 200 කගෙන් පමණ සමන්විත කොළඹ මරදාන සහිරා විදුහල මෙම නීති රීති හා රෙගුලාසිවලට පටහැනිව ක‍්‍රියාකරන බව එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය චෝදනා කර සිටියි.

 රජයේ ආධාර ලබන රජයේ වැටුප් ලබන ගුරුවරුන් 200 කගෙන් පමණ සමන්විත කොළඹ මරදාන සහිරා විදුහල මෙම නීති රීති හා රෙගුලාසිවලට පටහැනිව ක‍්‍රියාකරන බව ඔවුන් කරුණු කිහිපයක් යටතේ පෙන්වා දී දෙමින් සහිරා හි ආදි ශිෂ්‍ය සංගමය අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ලිපියක් ද යොමු කර තිබේ.

කරුණු-1
රජයේ විෂය නිර්දේශ වලට අනුව ඉංග‍්‍රීසි මාධ්‍ය මගින් අධ්‍යාපනය ලබාදීම ආරම්භ වන්නේ 6 ශ්‍රේණියේ සිටයි. එයද ද්විභාෂා ක‍්‍රමයට යටත්ව එනම් විෂයයන් කිහිපයක් ඉංග‍්‍රීසි මාධ්‍යයෙන්ද අනෙකුත් විෂයයන් මව්බසින් සිංහල හෝ දෙමල බසින් උගන්වනු ලැබේ.

කරුණු-2
එහෙත් කොළඹ සහිරා විද්‍යාලයේ ඉංග‍්‍රීසි මාධ්‍ය 1 ශ්‍රේණියේ සිටම ආරම්භ වේ. එයද සම්පූර්ණයෙන්ම ඉංග‍්‍රීසි මාධ්‍යයෙන්ම සියලූ විෂයයන් උගන්වනු ලැබේ. රජයේ අනුමැතියෙන් තොර 1 සිට 5 ශ්‍රේණි දක්වාවූ ඉංග‍්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය, රජයේ ආධාර ලබන පාසලක ඉගැන්වීම නීති රීතිවලට පටහැනි නොවන්නේද?

කරුණු-3
තවද රජයේ විෂය නිර්දේශවලට අනුව 1 සිට 5 ශ්‍රේණි දක්වා ඉගැන්විය යුතු විෂයයන් වන්නේ මුල්බස, ගණිතය, පරිසරය, ආගම, ඉංග‍්‍රීසි හා සෞන්දර්ය ආදියයි. එහෙත් මොවුන් එයද විකෘතියට පත්කර ඇත. දෙමාපියන් රැවටීම සඳහා ජාත්‍යන්තර පාසල්වල ආකාරයට තොරතුරු තාක්‍ෂණය, අරාබි භාෂාව, අරාබි ව්‍යාකරණ ආදී ළමුන්ට දරාගත නොහැකි විෂයයන් රාශියක් මෙම කුඩා පන්ති සදහා ඇතුලත් කර ඇත. මෙම අමතර විෂයයන් ඇතුලත් කිරීම තුලින් ප‍්‍රධාන විෂයන් වූ ගණිතය හා මුල්බස වෙනුවෙන් වැය කල යුතු කාල පරිචිඡේද ගණන අඩුකිරීම නිසා අනෙක් පාසල් සමග සැසදීමේදී  ළමුන්ට විශාල අසාධාරණයක් සිදුව ඇත. මෙම තත්වය ඉංග‍්‍රීසි මෙන්ම සිංහල හා දෙමල මාධ්‍යවලටද අදාලය.

කරුණු-4
එමෙන්ම 1 සිට 5 ශ්‍රේණි දක්වා ළමුන් 2500 ක් පමණ සිටිති. ඉන් අඩකටත් වැඩි ප‍්‍රමාණයක් එනම් ළමුන් 1300 ක් පමණ රජයේ අනුමැතියෙන් තොර ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබති. මෙම ඉංග‍්‍රීසි මාධ්‍යවල ළමුන් සඳහා උගන්වන ගුරුවැන්ද රජයේ වැටුප් ලබන අය වෙති. රජයේ අනුමැතියෙන් තොර රජයේ නීති රීතිවලට පටහැනි කාර්යයක් කිරීම සදහා රජයේ වැටුප් ලබන ගුරුවරුන් යෙදවීම කොතරම් දුරට නිත්‍යානුකූලද? මේවා පිළිබදව මිට පෙර සොයා බලා තිබේද?

කරුණු-5
මෙහිදී පාසල කර ඇත්තේ රජයේ ගුරුවරුන් සංඛ්‍යාව අනුමත කරවා ගැනීම සදහා මෙම ළමුන් 2500 ම සිංහල හා දෙමල මාධ්‍ය ළමුන් ලෙස සංඛ්‍යාලේඛනවල පෙන්වා නියමිත ගුරුවරුන් සංඛ්‍යාව ලබාගෙන රජයේ අනුමැතියෙන් තොර ඉංග‍්‍රීසි මාධ්‍ය සදහා යෙදවීමය. නිසි ආකාරයට බලනාවිට මොවුන්ට රජයේ ගුරු ප‍්‍රමාණය ලබා ගත හැක්කේ සිංහල හා දෙමල මාධ්‍ය ළමුන් 1200 ට පමණය. එහෙත් ඉලක්කම් විජ්ජාවක් පෙන්වා මොවුන් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින්ගේද ඇස්වලට වැලි ගසා පමණටත් ගුරු සංඛ්‍යාවක් පත්කර ගැනීමය.

කරුණු-6
තවද ළමුන්ගේ ප‍්‍රධානතම අයිතිවාසිකමක්වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයද මෙම ඉංග‍්‍රීසි මාධ්‍ය සිසුන්ට අහිමිය.

කරුණු-7
තවද ශ්‍රේණි 6 සිට 11 දක්වාද විෂය පථ රජයේ විෂය නිර්දේශවලට පටහැනිව ඇත. නිර්දේශවල නැති අමතර හා අනවශ්‍ය විෂයයන් රාශියක් ඇතුලත් කර ඇති අතර එම නිසා අත්‍යවශ්‍ය ප‍්‍රධාන විෂයයන්ට වෙන්කර ඇති කාලය අවම වී ළමුන්ට අසාධාරණයක් සිදුව ඇත.

කරුණු-8
තවද ශ්‍රේණි 6 සිට 11 දක්වාද මෙහි ඇත්තේ රජයේ අනුමැතිය ලත් ද්වීභාෂා ඉංග‍්‍රීසි මාධ්‍ය නොව සම්පූර්ණයෙන්ම සියලූම විෂයයන් ඉංග‍්‍රිසි මාධ්‍යයෙන් උගන්වනු ලබන ඉංග‍්‍රීසි මාධ්‍යයයි. මෙමගින්ද ළමුන් විශාල අපහසුතාවන්ට හා අසාධාරණයන්ට ලක්ව ඇත.

කරුණු-9
මීට අමතරව රජයේ වැටුප් ලබන ගුරවරුන් රාශියක්  නිකරුණේ කාලය නාස්ති කරමින් සිටින අතර මෙමගින් නාස්ති වන්නේ රජයේ සම්පත්ය. උගැන්වීම සදහා අත්‍යවශ්‍ය ගුරුවරු පවා නොමැතිව රටේ දුෂ්කර පලාත්වල බොහෝ පාසල් ලතැවෙද්දී මෙහි ගුරුවරු අතිරික්තව නිකරුනේ කාලය කා දමමින් සිටී.

කරුණු-10
තවද ප්‍රෝඩාකාරී ලෙස පවත්වා ගෙන යනු ලබන මෙම ඉංග‍්‍රීසි මාධ්‍ය පාසලේ ළමුන් ප‍්‍රමානයෙන් අඩකටත් වැඩිය. මෙය ඔවුන් දිගටම පවත්වා ගෙන යනු ලබන්නේ මුදල් ගරාගැනීම සදහා මෙය ඉතා හොද මාර්ගයක් බැවිනි. එක් ළමයෙකුගෙන් ලක්‍ෂ 4ක් 5ක් බැගින් ලබා ගනු ලැබේ. කලින් ජාත්‍යන්තර පාසල් කරා ඇදීගිය බොහෝ අය මෙහි පැමිණෙන තත්වයක් තුල රජයේ ප‍්‍රධාන අරමුන වූ සියලූ ළමුන් සදහා අධ්‍යාපනය ලබාදීමේ ක‍්‍රමය වෙනුවට ඇති හැකි අයට පමණක් මෙම පාසලට ඇතුලත් වීමේ වරම හිමිවී ඇත. සිංහල හා දෙමල මාධ්‍ය සදහා ඇති ඉඩකඩ අවමවී ඇත. පාසලට අවට ඇති ළමුන්ට පාසල අහිමිවූ තත්වයක් ඇතිවී ඇත්තේ මෙම අවීධිමත් හා රජයේ නිර්දේශවලට පටහැනි ඉංග‍්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය නිසාවෙනි.

මෙය පෞද්ගලික පාසලක් වුවත් රජය මේ සදහා විශාල වියදමක් දරයි. ගුරුවරුන්ගේ වැටුප්, පාසල් පෙල පොත්, නොමිලේ නිලඇදුම්, ගුරු පුහුණුව, සම්මන්ත‍්‍රණ හා වැඩමුළු ඇතුළු බොහෝ කරුණු රජයේ වැයබරට ඇතුලත්ය.

මේ සදහා ඉක්මනින්ම මැදිහත්වී මෙම ප‍්‍රශ්න සමතයකට පත්කර මෙම අවිධිමත්භාවයන් හා ව්‍යාකුල තත්වයන් මගහරවා  සියල්ලන්ටම සාධාරණ ලෙස අධ්‍යාපන ලැබිය හැකි තත්වයක් උදා කර සෙන ලෙස සහිරා ආදි ශිෂ්‍ය සංගමය අධ්‍යාපන ඇමතිතුමාගෙන් හා අධ්‍යාපන බලධාරින්ගෙන්  ඉල්ලා සිටියි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සහිරා විදුහල නීති රීතී රෙගුලාසි කඩ කරලා.
සහිරා විදුහල නීති රීතී රෙගුලාසි කඩ කරලා.
http://ift.tt/2y7NA37
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_689.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_689.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy