මෙම නව ජාතික හැඳුනුම්පතට ඉලක්කම් 12කින් යුතු අංකයක්, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියෙන් යුතු ඡායාරූපයක් සහ තීරු ඛේත ක...
මෙම නව ජාතික හැඳුනුම්පතට ඉලක්කම් 12කින් යුතු අංකයක්, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියෙන් යුතු ඡායාරූපයක් සහ තීරු ඛේත ක්‍රමයක් (Barcode) අයත් වේ.
නම, ලිපිනය, ස්ත්‍රී පුරුෂ භාවය, උපන් ස්ථානය යන තොරතුරු සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම දැක්වෙන අතර හැඳුනුම්පත්ලාභියාගේ අත්සන ද නව හැඳුනුම්පතට ඇතුළත් කර ඇත.
මෙම කාඩ්පත ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතියෙන් යුතුව නිමවා ඇති හෙයින් ජනතාවට ඉතා පහසුවෙන් සහ කඩිනමින් තම අවශ්‍යතා ඉටු කරගැනීමට හැකියාව මෙමඟින් ලැබෙනු ඇත.
නව හැඳුනුම්පත ලබා දීමත් සමඟ මෙතෙක් පැවති හැඳුනුම්පත අවලංගුවීමක් නොවන අතර අද සිට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලැබෙන ඉල්ලුම්පත් වලට නව හැඳුනුම්පත ලබා දීමට කටයුතු යොදා ඇත.
- රංජිත් නිශාන්ත
COMMENTS