කිලිනොච්චිය ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන් ලැබුනු තොරතුරකට අනුව කල්මඩු නගර් ප්‍රදේශයේ පිහිටි කැලෑවේ සිදු කරන ලද සෝදිසි කිරීම...
කිලිනොච්චිය ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන් ලැබුනු තොරතුරකට අනුව කල්මඩු නගර් ප්‍රදේශයේ පිහිටි කැලෑවේ සිදු කරන ලද සෝදිසි කිරීම් වලදී අදාල තෙල් ගබඩා කරන ලද විශාල ටැංකියක් හමු වී ඇත.
අදාල ටැංකිය වලදමා තිබියදී ගොඩට ගත් අතර එය තිබූ ප්‍රදේශය යුද සමයේදී කොටි සංවිධානයේ කඳවුරක්ව පැවති බවටත් එම ටැංකියේ ඉන්ධන ලීටර් 30,000 ක්පමණ ගබඩා කරගත හැකි බවටද ගුවන් හමුදා නිලධාරීන් කියා සිටියහ.
කෙසේ වෙතත් අදාල ඉන්ධන ටැංකිය හමුවීමත් සමග ගුවන් හමුදාව එම කඳවුරු පිහිටා තිබූ ස්ථානය අවට ආයුධ වලදමා ඇත්තේද යන්න විමර්ශණය කෙරේ.
වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS