යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ස්වකීය අයවැය යෝජනා සකස් කරන ලද්දේ පාර්ලිමේන්තුව පෙනෙන තෙක් මානයේ ...
යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ස්වකීය අයවැය යෝජනා සකස් කරන ලද්දේ පාර්ලිමේන්තුව පෙනෙන තෙක් මානයේ පිහිටි සිය නිවසේ සිට හෙවත් දියවන්නා අන්තයේ (Diyawanna End) සිටය.
යහපාලන රජයේ දෙවන මුදල් අමාත්‍යවරයා වන මංගල පින්සිරි සමරවීර මහතා, ඔහුගේ මංගල අයවැය යෝජනා සකස් කරන්නේ පානදුර ගොරකානේ බොල්ගොඩ වැව අද්දර පිහිටි දේදුණු අන්තයේ (Rainbows End) සිටය.
කලකට පසු එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායේ, මුදල් අමාත්‍යංශ (Chancellor of the Excherquer) සියලුම චිරාගත සම්ප්‍රදායයන් ආරක්ෂා කරමින් මේ වනවිට මුදල් අමාත්‍යංශ පරිශ්‍රය පවා මුද්‍රා තබා තිබේ.
දේදුන්නෙන් සංකේතවත් වන්නේ රටක සියලුම ජන කොට්ඨාශයන්ය. එසේ හෙයින් මංගලගේ මංගල අයවැයේ පරමාර්ථය වියයුත්තේ 'සියලු දෙනා උදෙසා' මිස 'අතළොස්සක් සඳහා නොවේ' යන්නයි. (For the many Not the few)
COMMENTS