දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හැමෝම හංගන විදුලි වර්ජනයේ ඇත්ත කතාව මෙන්න!
Homeප්‍රවෘත්ති

හැමෝම හංගන විදුලි වර්ජනයේ ඇත්ත කතාව මෙන්න!

PropellerAds

එම සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා සඳහන් කළේ අධිකරණය පවා පිළිගත් දුෂිත වැටුප් වැඩිකිරීම අහෝසි කිරීමට විදුලි බල පාලනාධිකාරිය අසමත් බවය...

අපි මොලෙන් ගහලා ඇමරිකාව පැරැද්දුවා.. ලෝකෙන්නම එහෙම කලේ අපි විතරයි - ගම්මන්පිල
මුස්ලිම්වරුන් රිදවන්න ලංකාවේ මෘත දේහ පුච්චනවා.. වහා මැදිහත් වන්න - අසාද් සාලි ජාත්‍යන්තරයෙන් ඉල්ලයි
බැසිල් ඇමරිකා ගමන කල්දමා "වැඩ සමග යළි ගමට"
හැමෝම හංගන විදුලි වර්ජනයේ ඇත්ත කතාව මෙන්න!

එම සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා සඳහන් කළේ අධිකරණය පවා පිළිගත් දුෂිත වැටුප් වැඩිකිරීම අහෝසි කිරීමට විදුලි බල පාලනාධිකාරිය අසමත් බවයි. අඛන්ඩව විදුලි බල මණ්ඩලය තුළ පැවති අත්තනෝමතික ඉංජිනේරු බල ව්‍යාප්තිය පාලනය කිරීමට හෝ ඇමතිවරයා සමත් නොවන බව මාලක වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. පසුගිය කාලය පුරාම මෙම දූෂිත වැටුප් වැඩිවීම නවත්වන ලෙස වෘත්තීය සමිති බල කළද අද දවස වන විට ආණ්ඩුවේ හැසිරීමෙන් පෙන්නුම් කරන්නේ විෂය භාර අමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව, විදුලි සේවකයන් විදුලි පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම වෙනුවට ඉංජිනේරුවන් අරක්ෂා කිරීමට මැදිහත් වී සිටින බව යැයි හෙතෙම අවධාරණය කළේය.

ඉංජිනේරුවන් ඇතුළු පාලනාධිකාරියට පමණක් ඇති වැටුප් වර්ධනය අහෝසි කරනවා වෙනුවට දැන් ආණ්ඩුව සුදානම් වන්නේ අළුත් වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දීමට සැරසෙන බව සඳහන්ය. වැඩවර්ජනයේ නියුතු සේවකයන් වැටුප් වැඩිවීමක් නොඉල්ලන අතර අවශ්‍ය වන්නේ ඉංජිනේරු මාෆියාව පරාජය කිරීම පමණි. එහෙත් පසුගිය 14 වැනිදා අමාත්‍යවරයා ප්‍රමුඛ පාලනාධිකාරිය වෘත්තීය සමිති සමඟ පැවති සාකච්ජාවේදීද 23000ක් පමණ වන බහුතර සේවකයන් නොව 1200 ක ඉංජිනේරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලයේ වැටුප් ප්‍රශ්නයට පසුගිය අගෝස්තු මාසය වන විට විසඳුම් ලබා දීමට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පොරොන්දු වී තිබුණි. එහෙත් එය ඉටුකිරීම පසෙකලා නැවත වටයකින් ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අනුමත කිරීමට උත්සහ දරයි. එම වැටුප් වැඩිවීම සිදු වුව හොත් විදුලි බිලද ඉහළ දැමීමට සිදුවන බවයි විදුලි සේවකයන් පෙන්වා දෙන්නේ. එම කැබිනට් පත්‍රිකාව අනුමත වුව හොත් ඊට එරෙහිව මහජන උපයෝගිතා කොමිසම් සභාවට හා අධිකරණය හමුවට යන බව ජාතික පාරිභෝගික හා පාරිසරික අයිතිවාසිකම් සඳහා වූ පෙරමුණද පවසා ඇත.

මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලය දිනකට රුපියල් කෝටි පහක් පාඩු ලබමින් පවත්වාගෙන ගියද පසුගිය වසර තුනක පමණ කාලය තුළ විදුලි ඉංජිනේරුවන්ගේ මූලික වැටුප 113%න් පමණ වැඩිකර ගෙන තිබේ. ඉංජිනේරුවන් එලෙස වැජඹෙන නමුත් සෙසු සේවකයන්ට අයිතිවාසිකම් දිනා ගැනීමට මහත් පරිශ්‍රමයක් යෙදීමට සිදුව තිබීම හාස්‍යයට කරුණකි. ගණකාධිකාරී තනතුරට පවා ඉංජිනේරුවෙක් පත් වන මෙවන් ආයතනයක අභ්‍යන්තරය හැමදාමත් සීතල යුද්ධයක් නොවන්නේ නම් ඒ පිළිබඳ පුදුම විය යුතුය.

විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය පටිපාටියට අනුව වැටුප් වැඩිවීම සිදුවන්නේ වසර තුනකට වරක්ය. නීතිය එසේ වුවද 2012 වසරේද අවස්ථා දෙකකදීත් 2014 වසරේ එක් අවස්ථාවකදීත් 2015 වසරේ ජනවාරි 01 වැනිදා සිටත් වැටුප් වැඩිකර ගෙන ඇත. මෙම ඉංජිනේරු වැටුප් වැඩිවීම නිසා අමතර රුපියල් මිලියන 1000ක් වය කිරීමට මහා භාණ්ඩාගාරයට සිදුව තිබේ. මූලික වැටුපට අමතරව දීමනා වර්ග 30ක් පමණ ඉංජිනේරු වැටුපට එකතුවන නමුත් අවධානම් රැගෙන සේවයේ නියුතු සේවකයන්ට වැටුපට එකතු වන්නේ අතිකාල දීමනාව පමණක් බවද විදුලි සේවකයන් පෙන්වා දෙයි.

ලංකා විදුලි බල මණ්ඩලයට ඉංජිනේරුවකු බඳවා ගන්නා මූලික වැටුප රු.130000ක් වන අතර සාමාන්‍යාධිකාරීවරයාගේ වැටුප 289000ක් බව සඳහන්. දීමනා සකස් වන්නේ මෙම වැටුපට අනුවය . එහෙත් පහළ කම්කරුවෙකුගේ වැටුප රු.30920කි. දැනුමෙන් සන්නද්ධ මානව ප්‍රාග්ධනයට සැලකුම් ලැබිය යුතුය. එහෙත් වල ඉහගෙන කෑමට සුදානම් වීම සාධාරණය කළ නොහැක්කකි. දැන් වර්ජනයේ නියුතු විදුලි සේවකයන් ඉල්ලා සිටින්නේ හොරකම වැසීමට තවත් හොරකමක් කිරීමක් නොව දූෂිත ක්‍රමය ඉවත් කිරීමය. එලෙස බලන විට දැන් ආණ්ඩුව පස්ස ගසමින් හිදින්නේ ඉංජිනේරුවන්ගේ දූෂණයන්ට තිත තැබීමටය.

තත්ත්වය මෙසේ වන විට විදුලි බල මණ්ඩලයේ වත්කම වැඩිකර ගැනීම සඳහා විදුලිය ගාස්තු ඉහළ දැමිය යුතු යැයි ඉංජිනේරු සංගමය අමාත්‍යවරයා දැනුවත් කර තිබූ අතර ගාස්තු සංශෝධනය නොවන්නේ නම් ඔවුන් වැඩවර්ජනයකට සුදානම් බවට අනතුරු අඟවා තිබුණි. පසුගිය වසර අග භාගයේදීද ඉංජිනේරු සංගමයේ නිර්දේශ මත විදුලිය ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලු නමුත් එය ප්‍රතික්ෂේප විණි. එම ගාස්තු ඉහළ දැමීමේ නිල බලය මහජන උපයෝගිතා කොමිසමට පවතින අතර එහිදී යෝජනාව ප්‍රතික්ෂේප වීම නිසා මෙවර ඉංජිනේරු සංගමය එම කොමිසම මඟහැර විෂය භාර අමාත්‍යවරයා හරහා එම මිල වැඩිකර ගැනීමට යම් උත්සහයක් දරා තිබේ.

කෙසේවෙතත් දැන් ඉංජිනේරුවන් හැර සෙසු සියලුම සේවකයන් මෙවර වැඩවර්ජනය සමඟ එක්ව හිඳියි. වැඩවර්ජනය තර්ජන ගර්ජන මැද ඉදිරියට යන විට කළුතර,ගාල්ල ප්‍රදේශයන්හි ජනතාව දින තුනක සිට අඳුරේය. විදුලිය විසන්ධි කිරීමක් නොවන නමුත් බිඳ වැටීමක් සිදුවුවහොත් යථාතත්ත්වයට පත් කර ගැනීමට වර්ජනය අවසන් වන තෙක් බලා හිඳිය යුතුය. මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා වන සාකච්ජාද සාර්ථක කර ගැනීමට අපොහොසත් වී තිබේ. එදා මෙන් අදත් අද මෙන් හෙටත් මේ මණ්ඩලේ කචල් කචල්ම වනු ඇත.

ආශිකා බ්‍රාහ්මණ

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හැමෝම හංගන විදුලි වර්ජනයේ ඇත්ත කතාව මෙන්න!
හැමෝම හංගන විදුලි වර්ජනයේ ඇත්ත කතාව මෙන්න!
http://ift.tt/2wi9q2J
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_935.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_935.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy