ආ ර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සිය ඇමරිකා ගමන කල්දමා "වැඩ සමග යළි ගමට" ව්‍යාපෘත...
ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සිය ඇමරිකා ගමන කල්දමා "වැඩ සමග යළි ගමට" ව්‍යාපෘතියට දිගටම සම්බන්ධ වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මීටපෙර, ඒ මහතාට සමීප ආරංචිමාර්ග ප්‍රකාශ කර තිබුණේ නත්තල් නිවාඩු සමයේ බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා යනු ඇති අතර නැවත මෙරටට පැමිණෙනු ඇත්තේ පෙබරවාරි මාසයේ මැද බවයි.
ඒ අනුව පසුගිය 14 වනදා දකුණු පළාතෙන් ආරම්භ කෙරුණු වැඩ සමග යළි ගමට ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා ඒ මහතා සිය ඇමරිකා ගමන කල්දමා ඇති අතර ඇමරිකාව බලා ගියත් සතියක් වැනි කෙටි කාලයක් තුළ ආපසු පැමිණීමට කටයුතු කරනු ඇත.
ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ බිම්මට්ටමේ ජනතාව සමග රජයේ සෘජු සම්බන්ධතාව වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතියෙහි අරමුණ වී තිබේ.
මෙම "වැඩ සමග යළි ගමට" ව්‍යාපෘතිය නතර කරන්නැයි ජනාධිපතිවරයා විසින් බැසිල් රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාල ආශ්‍රිතව සංසරණය වූ පුවතෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් බැසිල් රාජපක්ෂ මහතාට සමීප ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

COMMENTS