දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"රවී අහන්නේ වැඩකට නැති ප්‍රශ්න" මහ බැංකු අධිපති ප්‍රතිචාර දක්වයි.
Homeප්‍රවෘත්ති

"රවී අහන්නේ වැඩකට නැති ප්‍රශ්න" මහ බැංකු අධිපති ප්‍රතිචාර දක්වයි.

PropellerAds

පසුගිය අගෝස්තු මාසය අවසන් වන විට උද්ධමනය 7.9% දක්වා ඉහළ නැඟ තිබෙන බව නවතම මහ බැංකු වාර්තා සඳහන් කරනු ලබයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස...

මංගල යළි ලියයි - රාජ්‍ය වියදම් දැරීමට ඇති බලතල ඔප්පු කරන්නැයි රජයට අභියෝගයක්
යහපාලන ඇමතිවරුන් පිරිසකට ලබන සතියේදී නඩු !
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 771ට නගී

පසුගිය අගෝස්තු මාසය අවසන් වන විට උද්ධමනය 7.9% දක්වා ඉහළ නැඟ තිබෙන බව නවතම මහ බැංකු වාර්තා සඳහන් කරනු ලබයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු මුදල් මෙන්ම හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයා ද වූ රවී කරුණානායක මහතා පසුගිය සිකුරාදා (22) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ මහ බැංකුවේ සිටින ‘අදක්ෂ හොරු‘ මෙලෙස උද්ධමනය ඉහළ යාමට වගකිව යුතු බවයි.

අද (26) දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී, මේ බව මහ බැංකු අධිපතිවරයාගෙන් විමසා සිටියේය. පසුගිය කාලය පුරාවට උද්ධමනයේ හැසිරීම සම්බන්ධයෙන් දීර්ඝ විග්‍රහයක් කළ අධිපතිවරයා මෙහිදී පැවසුවේ, ලෝක වෙළෙඳපොළේ තෙල් සහ වෙළෙඳ භාණ්ඩ මිල ඉහළ යාම, රට තුළ ඇති වූ නියං සහ ගංවතුර ආපදා තත්ත්වයන් වැනි සාධක මෙන්ම නව VAT බදු සංශෝධනයන් ද උද්ධමනය මෙයාකාරයෙන් ඉහළ නැඟීමට හේතු වුණු බවයි. VAT බදු ඉහළ නැංවීම මහ බැංකුවේ තිරණයක් නොව එය මුදල් අමාත්‍යාංශය විසින් ගනු ලැබූ තීරණයක් බව ද අධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙවැනි වැඩකට නැති ප්‍රකාශවලට පිළිතුරු දීමට තමන් කාලය නාස්ති නොකරන බව පැවසූ මහ බැංකු අධිපතිවරයා, “මහ බැංකුවට විශිෂ්ට කාර්යය මණ්ඩලයක් (excellent staff) සිටිනවා. ඔවුන් දක්ෂතාවය ඉහළයි (Highly competent), ඔවුන් ඉහළ තාක්ෂණික ඥානයකින් සන්නද්ධයි (Technically very proficient), කළ යුත්තේ කුමක්ද කියා ඔවුන් හරියටම දන්නවා“, යැයි පැවසීය.

කෙසේ වෙතත් ලබන වසරේ පළමු කාර්තුව තුළදී සියයට 5 මට්ටමට උද්ධමනය පහළ බසිනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "රවී අහන්නේ වැඩකට නැති ප්‍රශ්න" මහ බැංකු අධිපති ප්‍රතිචාර දක්වයි.
"රවී අහන්නේ වැඩකට නැති ප්‍රශ්න" මහ බැංකු අධිපති ප්‍රතිචාර දක්වයි.
http://ift.tt/2wTYpjF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_932.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_932.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy