ය හපාලන රජය සමයේ කැබිනට්, රාජ්‍ය හා නියොජ්‍ය අමාත්‍ය තනතුරු දැරූ හිටපු මන්ත්‍රීවරුන් පිරිසකට නඩු පැවරීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන අමා...
යහපාලන රජය සමයේ කැබිනට්, රාජ්‍ය හා නියොජ්‍ය අමාත්‍ය තනතුරු දැරූ හිටපු මන්ත්‍රීවරුන් පිරිසකට නඩු පැවරීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසනවා. ඒ අනුව ලබන සතියේදී ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිත බවයි ලේකම්වරයා පෙන්වා දෙන්නේ.
මෙසේ නඩු පැවරීමට නියමිතව තිබෙන්නේ අමාත්‍ය තනතුරු දරන සමයේදී පදිංචිව සිටි නිළ නිවාස තවමත් රජයට භාර නොදීම හේතුවෙනි. නිවාස භාර නොදුන් ඇමතිවරුන් 20 දෙනෙකු සිටින අතර ඊට අමතරව එවක රජයේ ඉහළ තනතුරු දැරූ නිළධාරීන් දෙදෙනෙකු ද නිළ නිවාස භාර දී නොමැති බවයි ලේකම්වරයා පවසන්නේ.
මීට පෙර අදාල නිවාස භාරදීම සඳහා අවස්ථා ගණනාවකදී දැනුම් දී තිබූ අතර ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් නිවාස භාරදීම සඳහා මාර්තු 30 වැනිදා දක්වා දින ලබා දී තිබිණි. ඒ වනවිටත් නිවාස නැවත භාර නොදුන් හිටපු ඇමතිරුන්ට නඩු පැවරීමටයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර තිබෙන්නේ.
කොළඹ බෞද්ධාලෝක මාවත, කැප්පෙටිපොල පාර, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, ලොරිස් නිවාස සංකීර්ණය හා විජේරාම මාවතේ මෙම නිවාස පිහිටා තිබේ.

COMMENTS