එති යති බොහෝ දෙනා වේගෙන් වේගෙන් මග සොයාගෙන මගෙ කුඩා එළියෙන්. තුඩින් එල්ලා පලවැල කැදලි සොයා පියඹන සියොත් මිතුරන්ට නවාතැන්පළ වෙ...
එති යති බොහෝ දෙනා
වේගෙන් වේගෙන්
මග සොයාගෙන
මගෙ කුඩා එළියෙන්.
තුඩින් එල්ලා පලවැල
කැදලි සොයා පියඹන
සියොත් මිතුරන්ට
නවාතැන්පළ වෙමි
මඳකට..
නොයෙක් විසිතුරු සළු පැළඳ
අඟනුන් මග බලති පාමුල
ඔවුන්ගේ මළානික මුහුණු වල
තවරා ඇති වත්සුණු
දිලිසෙනු පෙනේ මට...
කල්පනාවේ පියවර තබමින්
හෙමින් හෙමින් මග ගාටන
මිනිසෙක්...ගැහැණියක්....
දකිමි අතරින් පතර
එළිය දෙමි ඔවුන්ටත්..
එහෙත් මා මිතුරනි
පහන පාමුල
ඔබට නොපෙනෙන
යම් දෙයක් ඇත
නිරන්තරයෙන් මා පෙළන
මා දවන.....
COMMENTS