බැඳුම්කර සිදුවීමේ දී යම් වංචාවක් සිදු වී ඇති බවට මුලින් ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ තමන් විසින් බවත් ඒ ම...
බැඳුම්කර සිදුවීමේ දී යම් වංචාවක් සිදු වී ඇති බවට මුලින් ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ තමන් විසින් බවත් ඒ මොහොතේ ඔය කිසිවකුත් කිසිවක් ප්‍රකාශ නොකළ බවත් අමාත්‍යවරයා පැවසීය. ඉන් පසුව ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව විමර්ශනය කිරීමට කොමිසමක් පත් කළ අවස්ථාවේදී එම කොමිසම පත් කළේ සිද්ධිය යට ගැසීමට යැයි විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල රට වටා කිය කියා ගිය බව පැවසූ අමාත්‍යවරයා අද එම කොමිසමෙන් හෙළිදරව් වන කරුණු පිළිබඳව රටම කතාබහ කරන බවත් මෙවන් කොමිසමක් පත් කිරීමට හැකිවුණේ සහ විමර්ශන ආරම්භ වුණේ යහපාලන ආණ්ඩුවක් රටේ තිබුණු නිසා බවත් පෙන්වා දුන්නේය.
එමෙන්ම පසුගිය ආණ්ඩු සමයේ එකදු වංචාවකට හෝ දූෂණයකට එරෙහිව කිසිවකු කතා නොකළ බවත් කොමිසම් පත් නොකෙරුණු බවත් කී අමාත්‍යවරයා එම සිද්ධි යට යාමට ඉඩ හැරිය බව ප්‍රකාශ කළේය. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය මෙම යහපාලන රජයේදී තමන්ගේ අය අතින් සිදු වූ වරදක් හෝ ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවන බවත් මහජන දේපළ කොල්ලකන, සොරකම් කරන ඕනෑම අයකුට තරාතිරම නොබලා දඬුවම් පැමිණවීම තම ස්ථාවරය බවත් ප්‍රකාශ කළේය.
එසේ නොමැතිව පක්ෂ දෙකම එක් වී සොරකම් කිරීම සඳහා තමන් ආණ්ඩු පිහිටවූයේ නොමැති බව පැවසූ අමාත්‍ය මහින්ද අමරවීර පෙන්වා දුන්නේ ඇමතිවරයකු වුවත් නිලධාරියකු වුවත් දූෂිත ක්‍රියාවල නිරත වන්නේ නම් ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට යහපාලන රජය පසුබට නොවන බවය. එවන් චෝදනා එල්ල වූ නිලධාරින් විශාල පිරිසක් ජනාධිපති තුමාගේ නායකත්වය යටතේ පසුගිය සමයේ සේවයෙන් ඉවත් කළ බවද ඔහු පෙන්වා දුන්නේය. එසේම ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ අමාත්‍ය රවී කරුණානායක සම්බන්ධයෙන් විස්වාසභංගයක් ගෙන ඒමට අවශ්‍යතාවයක් නොමැති බවත් විමර්ශන කටයුතු සඳහා සහායක් ලෙස අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙස රවී කරුණානායක අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කෙරෙණු ඇති බවත් ඒ අනුව ඔහු නුදුරේදීම ඉල්ලා අස් වනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවත් ය.
COMMENTS