ඇසළ පෙරහැර නිමාවට පත්වන බව සදහන් සන්දේශය මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිවරයා වෙත ...
ඇසළ පෙරහැර නිමාවට පත්වන බව සදහන් සන්දේශය මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාර දීමෙන් අනතුරුව පෙරහැර සමාප්ති උත්සවයේදී මෙම ඇගයීම සිදු වේ.
සාම්ප්‍රදායික කලාවන් ආරක්ෂා කර ගනිමින් පෙරහැර සදහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙන කලාකරුවන් පස් දෙනෙකු සදහා ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන ජනපති සම්මාන හිමිවීම ද මෙහිදී සිදුවෙයි. වසර ගණනාවක් සදහා අඛණ්ඩව සිය දායකත්වය ලබා දුන් වයෝවෘද කලාකරුවන් දස දෙනෙකු සදහා ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සම්මාන හිමිවීමට නියමිතය.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ද සහභාගීත්වයෙන් විනිසුරු මඩුල්ලක් මගින් කලාකරුවන් තොරා ගැනුණු අතර මෙම සමාප්ති උත්සවයේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ශිල්පීන් පනස් දෙනෙකු හා කුසලතා පූර්ණ ශිල්පීන් පනස්දෙනෙකුට සම්මාන හා මුදල් ත්‍යාග පිරිනැමිමට කටයුතු යොදා ඇත.
මීට අමතරව විශිෂ්ඨ කුසලතා දැක්වූ නර්ථන කණ්ඩායම ඇගයීමද මෙහිදී සිදුවේ.
නදීක දයා බණ්ඩාර - මහනුවර
COMMENTS