අවසන් රන්දෝලි පෙරහරින් අනතුරුව දහවල් පෙරහැර ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීමෙන් පසු දියවඩන නිලමේවරයා සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවර...
අවසන් රන්දෝලි පෙරහරින් අනතුරුව දහවල් පෙරහැර ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීමෙන් පසු දියවඩන නිලමේවරයා සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් හා පිටිසර දේවාලයන්හි බස්නායක නිලමේවරුන් සමග අලි ඇතුන් හා නර්ථන කණ්ඩායම්වලින් සමන්විත පෙරහැරකින් මහනුවර පිහිටි ජනාධිපති මන්දිරය වෙත ගොස් පෙරහැර සාර්ථකව නිමාවූ බව සදහන් වූ පෙරහැර සන්දේශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමත් සමග මෙවර පෙරහැර මංගල්‍ය නිමාවෙයි.
ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (07) රාත්‍රී වීදි සංචාරය කළ අතර එම පෙරහැර නැරඹීම සදහා දෙස් විදෙස් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. රාත්‍රී 07.53ට යෙදුණු සුභ මොහොතින් දකුණු දිශාභිමුඛව පිටත්වූ පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජ වීදියෙන් යළි ගෙවදීම සිදුවිය.
අද (08) අලුයම 01.15ට යෙදුණු සුභ මොහොතින් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාල පෙරහැර සමග පිටත්ව දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කෙට අස්ගිරිය ගෙඩිගේ ආදාහන මළුව වෙත ප්‍රවේශවීම සිදුවිය. එහි සිරිත් ප්‍රකාරව පෙරහැර කරඩුව තැම්පත් කිරීමෙන් පසු සිව් මහා දේවාල පෙරහැර සිය දේවාල වෙත ගොස් දේවපූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය ඔස්සේ ගැටඹේ දිය කපනා ගං තොට වෙත පෙරහැරින් ගමන් කෙරිණි.
එහිදී දිය කැපීමේ මංගල උත්සවය පවත්වා යළි පෙරහැරින් මහනුවර කරා පැමිණ ගණදෙවි කෝවිලේ දි දේව පුජා පැවැත්වීම සිදු කෙරිණි.
දිය කැපීමේ අවස්ථාව සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියහ.
නදීක දයා බණ්ඩාර - මහනුවර
https://www.youtube.com/watch?v=a4TodOFdKoA&feature=youtu.be
COMMENTS