කළලේ පිපී ඉන් නික්මෙන නියාවෙන කළලේ පහස බිඳකුදු නොතවරාගෙන ගී පද ගොතන බිඟුදැල් පිරිවරාගෙන පියුමක් වෙලා පිපුණා හැම උදේකම තුරුපත් ...
කළලේ පිපී ඉන් නික්මෙන නියාවෙන
කළලේ පහස බිඳකුදු නොතවරාගෙන
ගී පද ගොතන බිඟුදැල් පිරිවරාගෙන
පියුමක් වෙලා පිපුණා හැම උදේකම
තුරුපත් අතර හිඳ බිඳලන නිසොල්මන
කන්කළු මියැසි ගී පද වැල් ඉහිල්ලෙන
පෙංකෙළිනා කුරුළු කූජන සැහැල්ලෙන
නුඹ සෙල් රුවක්විණි කිසිදා නොසෙල්ලෙන
ලන්දේ පිපෙන වනමල් පෙති නෙලාගෙන
ඇන්දේ නුඹෙ රුවයි ඉඳුසැව් විලාසෙන
සැන්දෑවතේ බැඳි දැහැනින් මුදාගෙන
කැන්දන් ගියෙ කවුද නුඹෙ සිත හොරාගෙන
තුන්පත් රටා ලා පන්නම් කළ හීනේ
පන්කොළ පැදුර හොරු අරගෙන මගෙ හේනේ
තිරකඩ නිවෙන්නට ඇති දැල්වුණ පානේ
සන්තෝසෙන් හිඳින් නුඹ නවදැළි හේනේ
COMMENTS