දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැලේසියා අගමැති ජනපති හමුවෙයි - ගිවිසුම් 3කට අත්සන් තබයි
Homeප්‍රවෘත්ති

මැලේසියා අගමැති ජනපති හමුවෙයි - ගිවිසුම් 3කට අත්සන් තබයි

PropellerAds

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර නිල හමුව අද (18) පෙර...

දර කපන්නන්ට හොද කලක්! ගෑස්, ඉන්ධන වෙනුවට දර සඳහා අධි ඉල්ලුමක්!
අනුරාධපුරේ හෝටල් සියල්ලම ෆුල්! ආණ්ඩුවේ අය පවුල් පිටින් ගිහින්!
සජිත්ට PCR එකක් කරන්න ඇමති රෝහිත ඉදිරිපත් වෙයි!
මැලේසියා අගමැති ජනපති හමුවෙයි - ගිවිසුම් 3කට අත්සන් තබයි

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර නිල හමුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි මැලේසියා අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගත් අතර ආචාර වෙඩි මුර 21 ක් සහිතව හමුදා උත්තමාචාර ද පිළිගන්වමින් අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය. රාජ්‍ය නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

මැලේසියාව සහ ශී‍්‍ර ලංකාව අතර ක්ෂේත‍්‍ර ගණනාවක සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ මෙහිදී නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ගුවන් තොටුපොළ කළමනාකරණය, මධ්‍යම පාන්තික නිවාස ඉදිකිරීම, විද්‍යා හා තාක්ෂණික, නැනෝ තාක්ෂණික සහ ජීව තාක්ෂණික, සංචාරක, වෛද්‍ය, අධ්‍යාපන, හමුදා නිලධාරීන් පුහුණුව, බුද්ධි තොරතුරු හුවමාරුව, තානාපති නිලධාරීන් පුහුණු කිරීම, ඊ- අධිකරණ තාක්ෂණය, කෘෂිකර්මය ආදි ක්ෂේත‍්‍ර ඊට ඇතුළත් වේ.

එමෙන්ම දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම මෙන්ම ආයෝජන තර කර ගැනීම පිළිබඳව ද නායකයෝ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

ශී‍්‍ර ලංකාව සහ මැලේසියාව අතර වාර්ෂික වෙළෙඳාමේ අගය මේ වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 680 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර ඒ පිළිබඳව ද මෙහිදී සිය සතුට පළ කළ මැලේසියානු අග‍්‍රාමාත්‍යවරයා කෙසේ වුවද මැලේසියාවට බොහෝ වාසි සහගත වෙළෙඳ සමතුලිතතාවය සමබර කිරීම සඳහා ශී‍්‍ර ලංකාවෙන් කෙරෙන ආනයනයන් ඉහළ නැංවීමට සිය රට අපේක්ෂා කරන බව සඳහන් කර සිටියේය.

මැලේසියාවේ ඊ- අධිකරණ තාක්ෂණය තුළින් නඩු විභාග කිරීමේ කාල සීමාව බෙහෙවින් අඩුකර ගැනීමට හැකියාව ලැබී ඇති බව මෙහිදී පැවසූ මැලේසියා අගමැතිවරයා එම තාක්ෂණය ශී‍්‍ර ලංකාවට ලබාදීමට ද කැමැත්ත පළ කරන ලදී.
මධ්‍යම පාන්තික නිවාස 14,000 ක් මෙරට ඉදිකිරීම සඳහා මැලේසියාවේ එකඟතාවය පළ කළ කෙරුණු අතර, ඒ පිළිබඳ සාකච්ඡා ඉදිරි දින කිහිපය තුළ අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

දැනට ඇමරිකානු ඩොලර් බිලියන 3.1ක විදේශ ආයෝජන ක‍්‍රම 47 ක් මැලේසියාව විසින් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක කරන අතර එය තවදුරටත් නංවාලීම තම අභිලාෂය බව ද මැලේසියා අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.ජාත්‍යන්තර වේදිකාවලදී, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ශ‍්‍රී ලංකාවට නිරන්තරයෙන් මැලේසියාවෙන් ලැබෙන සහය මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

මානව හිමිකම් සම්බන්ධයෙන් බටහිර අර්ථකතනය අපට නොගැලපෙන බව පැවසූ මැලේසියානු අගමැතිවරයා බටහිරින් බලහත්කාරයෙන් දෙන අර්ථකතනයට වඩා අපට මානව හිමිකම් පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙන බව පැවසූ අතර, ජනාධිපතිවරයා ද තමාද එම මතයම දරණ බව සනාථ කළේය.

මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම මැඩලීම සඳහා බුද්ධි අංශ තොරතුරු හුවමාරුව තවදුරටත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළ අතර ඒ සඳහා වහාම පියවර ගන්නා බවට මැලේසියා අගමැතිවරයා සහතික විය.

එමෙන්ම දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කෙරෙන අවබෝධතා ගිවිසුම් 02 කට සහ සහයෝගීතා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබිණි. දෙරට අතර තානාපති නිලධාරීන් පුහුණු කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ මැලේසියා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා අතර අත්සන් තැබිණි.

දෙරට අතර විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද ශී‍්‍ර ලංකා විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන මහලේකම් කාර්යාලය සහ මැලේසියා කර්මාන්ත හා උසස් තාක්ෂණය සඳහා වූ රාජ්‍ය මණ්ඩලය අතර අත්සන් තැබිණි.

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ මැලේසියාවේ කර්මාන්ත හා උසස් තාක්ෂණය සඳහා වූ රාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා ඊට අත්සන් තැබූහ.

එමෙන්ම දෙරට අතර විද්‍යා හා තාක්ෂණ සහයෝගීතාව පිළිබඳව අත්සන් තැබුණු ගිවිසුමට ද විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ මැලේසියාවේ කර්මාන්ත හා උසස් තාක්ෂණය සඳහා වූ රාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා අත්සන් තැබූහ.

ශී‍්‍ර ලංකාව සහ මැලේසියාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ආරම්භ කර වසර හැටක් සපිරීමට සමගාමීව මැලේසියා අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය සිදුවන අතර එය සමරමින් විශේෂ සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු විය.

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැලේසියා අගමැති ජනපති හමුවෙයි - ගිවිසුම් 3කට අත්සන් තබයි
මැලේසියා අගමැති ජනපති හමුවෙයි - ගිවිසුම් 3කට අත්සන් තබයි
http://ift.tt/2BC2gIJ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/3_27.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/3_27.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy